හෙමිහිට ඔලුව උස්සපු නම්ජූන් මාරා දිහා බැලුවේ ඇස් දෙක ලොකු කරන්... කොල්ලට දකින්න පුළුවන් උනේ ලෝගුවේ හිස් ආවරණයේ ඇති අඳුර විතරයි... ඒත් ඒ විශාල සිරුර නොසෙල්වී තමන් දිහා බලන් ඉන්නව කියල නම්ජූන්ට තේරුනා..." අප්පා ව දුර ගමනක් යැව්වේ ඔයාද..." නම්ජූන් කතා කලේ ඇඬුම් මුසු කටහඬින්...
" මේ පලවෙනි වතාව නිසා විතරක්.... දෙවනි අවස්ථාවක් උදා කර නො ගන්න වග බලා ගන්න..."
එහෙම කියපු මාරා එක පාරටම නැගිට්ටේ නම්ජූන් ගේ ඔලුවට අතක් තියන ගමන්... ඒ විශාල අතෙන් තෙත හිසකෙස් වලට දැනුනේ උණුසුම් සුවදායී බවක්... ඒත් එක්කම නම්ජූන් ගේ ඇස් පියවුනේ කලින් වෙච්ච සිදුවීම නිසා ඇඟටත් හිතටත් දැනෙන තද වේදනාව නැති වෙලා සනීපයක් දැනුන නිසා...
ඊළඟ මොහොතේ නම්ජූන් ට දැනුනේ මාරා එතනින් ඉවත් වෙනව කියල... පොඩි පොඩි සද්ද බද්ද ටිකකින් පස්සේ මාරාගේ ඈතට යන අඩි ශබ්දය නම්ජූන් අහන් හිටියා...
ටික වෙලාවකින් නම්ජූන් ට තමන්ගේ හොලවන්න බැරුව තිබුනු අත පය ආයෙමත් යථා තත්වයට පත් වෙනව කියල තේරුනා...
කොල්ලා නැගිටින්න නැතිව එහෙමම බිම බලාගෙන පොළවට අත් තියාගෙන හිටියේ නැගිටින්න තරම් හිතට ධෛර්යයක් නැති නිසා... තමන්ගේ ඉස්සරහ වැටිල ඉන්න ජන් දිහා බලන්න තරම් නම්ජූන් ගේ හිත ශක්තිමත් උනේ නෑ...
මිනිත්තු කිහිපයක් ඇතුලත හිතට ශක්තිය ගත්තු නම්ජූන් ටිකින් ටික ඔලුව ඉස්සුවා...
ඒත් පුදුමයකට වගේ දකින්න බලාපොරොත්තු උනු ජන් එතන හිටියේ නෑ...
එයාව අරන් ගිහින්...
නම්ජූන් නැගිට ගත්තේ අමාරුවෙන්... තැන් තැන් වල වැටි වැටී ගෙදරට ආවේ ගොඩක් අමාරුවෙන්...
වැස්සට තෙමුනු මඩ ගෑවුනු ඇඳුම් පිටින්ම නම්ජූන් ඇඳට වැටුනේ හරියට සිහියක් පතක් නැතිව... කොල්ලා එහෙමම ඇස් පියා ගත්තා...
ඊළඟ දවසේ චා එවූන්ටත් අනිත් අයටත් දකින්න පුළුවන් උනේ දැඩි ලෙස රෝගාතුර වෙලා ඔහේ ඇඳේ වැටිල හිටපු නම්ජූන්ව ...