(4) His Eyes 👀🌸

20 2 0
                                    

ජින් දොරත් ඇරගෙන ක්ලාස් එකට යනකොට හ්වායොනුත් ඒ පස්සෙන් ම ආව... ක්ලාස් එකේ ඒවෙනකොට හිටපු සෙන්සෙනිම් පොතක් අතේ තියාගෙන මොනව හරි කියවන ගමන්. ළමයි හැමෝම ඒක පිටපත් කරගන්න ගමන් මේසෙට බර වෙලා හිටිය..

දොර ඇරෙනකොටම හැමෝගෙම අවධානය යොමු උනේ ඒ පැත්තට. හ්වායොන්ගෙ හිතට ටිකක් අමාරු ගතියක් දැනුන..

" සෙන්සෙනිම්.. සමාවෙන්න බාධ කලාට.... මං පොඩි වෙලාවක් ගන්නද? " ජින් අවසර ඉල්ලුවේ ටිකක් වයස පෙනුමක් තිබුනු ගුරුතුමාට ආචාර කරන ගමන්...

"හොඳයි ප්‍රශ්නයක් නෑ..." ගුරුතුමා  ජින්ගෙ පිටිපස්සෙන් මුවා වෙලා එන හ්වායොන් දිහා හොඳට බැලුව..

හ්වායොන් හිටියෙ එයා ගෙදර ඉඳන් ඇඳන් ආපු කැෂුවල් ඇඳුම පිටින්. යාන්තම් දනිස් ළඟට වගේ තිබුනු ලා දුඹුරු පාට ගවුම ස්කූල් එකට ප්‍රශ්නයක් නැති උනාට හැමෝම හිටියෙ යුනිෆෝම් එක පිටින් නිසා හ්වායොන්ට දැනුනේ අපහසුතාවයක්...

" ළමයි... මේ ඉන්නෙ අලුතින් ක්ලාස් එකට එකතුවෙන මින් හ්වායොන්.. මෙයා අද ඉඳන් අපේ ක්ලාස් එකේ ශිෂ්‍යයෙක්.."

ජින් කියනකොට හ්වායොන් යාන්තමට හිනා වෙලා ක්ලාස් එකට ආචාර කලා.. කාගෙවත් මූණෙ හිනාවක් වත් තරහවක් වත් මුකුත් නෑ.. හැමෝම බලන් හිටියේ තුෂ්නිම්බූත වෙලා වගේ..

" හ්වායොන් එහෙනම් ඉඳගන්නකො. ක්ලාස් එක ඉවර උනාම කතා කරමු.... "

කෙල්ල ක්ලාස් එක පුරාම ඇස් යැව්වේ ඉඩක් තියන තැනක් බලන්න. ක්ලාස් එකේ තනි ඩෙස් එක ගානේ පෝලිම් පහකට මේස තිබුන. ගෑනු ළමයි පිරිමි ළමයි හැමෝම එකටම ඉඳගෙන.

හ්වායොන්ගෙ ඇස් වලට අහු උනේ අන්තිම ඩෙස් පෝලිමේ දෙවනි තැන ඉඩක් තියනව කියල. කෙල්ල බිම බලාගෙනම එතනින් ගිහින් වාඩි උනා.

" හරි එහෙනම්. ඔයා අදට ඔතන ඉන්න.. එහෙනම් මම යන්නම්.. පාඩම කරගෙන යන්න. යන්නම් සෙන්සෙනිම්..." ජින් ගුරුතුමාට ත් ආචාර කරල එතනින් ගියා.

" එහෙනම් අපි පාඩමට එමු නේද ළමයි.. අපි කොතනින්ද නැවැත්තුවේ.?" සෙන්සෙනිම් ආයෙ පාඩමට යොමු උනා. හ්වායොන් ඔහේ බලාගෙන හිටියෙ එයා ක්ලාස් එකට එනකොට පොත් මුකුත් නොගෙනාව නිසා.

The WoodnoteUnde poveștirile trăiesc. Descoperă acum