හ්වායොන් නැගිට්ටේ උදේ පාන්දරම... හොස්ටල් එකේ කවුරුවත්ම ඇහැරිලා හිටියේ නැති නිසා කෙල්ල තනියම ම ගිහින් වොෂ් එකක් දාන් ආව. කලින් දවසේ රෑ ලෑස්ති කරල තිබුනු අලුත් නිල ඇඳුම අඳින්නකම් කෙල්ලට ඉවසිල්ලක් නෑ...යුනිෆෝම් එක පරිස්සමින් ඇඳ ගත්තු හ්වායොන් කන්නාඩිය ඉස්සරහට ගිහින් තමන් දිහාම බලන් හිටියේ ආසාවෙන්.... " ම්ම්ම්ම්... මටම තියල හදල වගේ...."
උදේ පාන්දර නිසා කෙල්ලගෙ හිතට දැනුනේ ප්රබෝධයක්... ඒ ප්රබෝධයක් එක්කම හැමදේම හොඳින් සිද්ධ වෙයි කියන බලාපොරොත්තුවෙන් හොඳ හුස්මක් ගත්තු හ්වායොන් බෑග් එකත් ලෑස්ති කරගෙන රූම් එකෙන් එලියට ආව...
කට්ටිය ටිකින් ටික ඇහැරිලා රූම්ස් වලින් එලියට එන අතරේ කෙල්ල ගියේ කිචන් එක පැත්තට. රෑ අපාය වගේ තිබුනු ඩයිනින් රූම් එක කලින් තිබුන වගේම ලස්සනට හදල... බිත්ති වල පවා වැදිල තිබුනු කෑම පාරවල් මකා දාල තිබුනේ හරියට හැමෝම නිදාගත්තට පස්සේ ආශ්චර්යක් සිද්ධ වෙලා වගේ. හ්වායොන්ට පුදුමයි... මෙහේ හැමදේම ඉක්මන්....
එහෙම හිතන ගමන් කොෆී මැෂින් එකෙන් කොෆී එකක් දාගත්තු හ්වායොන්, හොස්ටල් එකේ දොරෙන් එලියට ආව...
යාන්තමට ඉර එලිය වැටුනු පොළව තාමත් අයිස් වගේ සීතලයි... හීනියට එන සුළං රැල්ලත් හ්වායොන් ගේ ගතටයි සිතටයි ගෙනාවේ සිසිලසක්....
" හ්වායොන්....!! ගුඩ් මෝනින් පැටියෝ.... ඔයා උදේම නැගිට්ටද.... අනේ බලන්නකෝ... යුනිෆෝම් එකට ඔයා හරිම ලස්සනයි..."
ඒ හ්වායගේ ක්ලාස් එකේ ළමයෙක්...
" කුමාවෝ... සුන්බි.... මමත් මේකට හරිම කැමතියි..."
" ඇත්තමයි... අද පලවෙනි දවසනේ... මං ඔයාගේ ෆොටෝ එකක් ගන්නද...." කියන ගමන් කෙල්ල බෑග් එකෙන් පොඩි ඩිජිටල් කැමරාවක් ඇදල ගත්තා. හ්වායොන් හා කියනව ත් එක්කම ඇහුනේ ක්ලික් ක්ලික් සද්දයක්.
දිගට ගොතල තිබුනු තද කලු පාට කොන්ඩෙ න් එලියට පැනපු පුංචි කෙස් රොදක් හීන් හුළඟට නැලවෙන හැටිත්... මග් එකත අතේ තියාගෙන ලස්සනට හිනා වෙලා හිටපු හ්වායොනුත්.... හිනාවෙනකොට යාන්තමට හීනි වෙන නිල්පාට දිග ඇස් දෙකත්.... පිටින් පේන සකුරා ගස් දෙකත්... ෆොටෝ එකට පෙනුනේ ඇඳපු චිත්රයක් වගේ.... නිමේෂයකවත් නැති උනත් ෆොටෝ එක ඇතුලේ තිබුනේ සජීවී බවක්...