අනේ නැගිටින්න.... ඔහොම වේදනා විඳින්න එපා....නම්ජූන් හිතින් හිතුවත් ඔහුට කතා කරගන්න බැරිව යනවා. නම්ජූන්ට අවශ්යය ඔහුව තදින් වැළඳ ගෙන ඒ වේදනාව නැති කරන්න... නමුත් අවාසනාවකට නම්ජූන්ට තමන්ගේ අත පය හොලවන්න බැරි කමක් දැනෙනවා...
එක වරම ඒ පුද්ගලයා නැගිටින්නේ හිතුවෙත් නැති වෙලාවක.... ඔහු නම්ජූන් දෙස බලා සිටිනවා....
ඔහුගේ මුහුණ හෝ අත පය හෝ කිසිවක් නම්ජූන්ට නොපෙනුනත් ඔහු බලා සිටින බව පමණක් දැනෙනවා....
නම්ජූන් ඔහුව දෑතින්ම අල්ලගන්න උත්සහ කරනවා... තමන් එහෙම අල්ලන් ඉන්නේ කියල හිතුවත් ඇත්තටම නම්ජූන්ට හෙලවෙන්න වත් බෑ....
" කෑ ගහන්න... වේදනාව පිට කරන්න... නැත්තම් ඔබ මැරේවි...."
නම්ජූන් කතා කලා... කිසිම ප්රතිචාරයක් නොදක්වාම ඔහු බලාගෙන ඉන්නවා..
හදිස්සියෙම නම්ජූන් දකින්නේ ඔහුගේ ඇස් දීප්තිමත් වෙන බව... තද ලේ පැහැති ඇස් වලින් අඳුරු නමුත් දීප්තියක් විහිදුනා...
එක වරම ඉහලින් ඇති හඳ දෙස බලන ඔහු උපරිම ශක්තිය යොදමින් කෑ ගසන්නේ වේදනාවෙන්...
එය වේදනාත්මක විලාපයක්...
නම්ජූන් ඇහැරුනේ ගැස්සිලා....
පාන්දර තුන පසුවී මිනිත්තු නවයයි....
කොල්ලා ළඟම තිබුනු ඔරලෝසුවෙන් වෙලාව බැලුවා...
මුලු ඇඟම දාඩියෙන් පෙඟී ගිහින්..... මොකක්ද ඒ උනේ....
කොල්ලා හිටියේ මුකුත් හිතා ගන්න බැරිව...
තමන් දැක්කේ හීනයක් ද හැබෑවක්ද කියල තේරුම් ගන්න නම්ජූන් ට සුලු වෙලාවක් ගත උනා.... මොහොතකට කලින් සිද්ධ උනු දේ හීනයක් කියල කියන්න පුළුවන් ද...
ඒ දැක්කේ කාවද....
නම්ජූන් වේගයෙන් හුස්ම ගත්තා... ටික වෙලාවකින් ඇඳේ වාඩි වෙලා ළඟම තිබුනු බෝතලෙන් වතුර බීගෙන බීගෙන ගියේ එක හුස්මට....
එහෙනම් ඒක හීනයක්....
නම්ජූන් බර හුස්මක් ගත්තේ සන්සුන් වෙන්න හිතාගෙන...