................. 🌿🌸🌿..................
හ්වායොන් මිසිස් කවාෂි එක්ක හොස්ටල් එක ඇතුලට ආවෙ වට පිටාව හොඳට බලන ගමන්. ඉස්කෝලෙ ඇතුලෙ තිබුනු පිළිවෙල පිරිසිදු කම ගැන හ්වායොන් ට පුදුමත් හිතුන.
"මිස් ග්‍රේටා.. ඔයා ඇතුලෙ ඉන්නවද.." මිසිස් කවාෂි හොස්ටල් එකේ දොරෙන් ඇතුල් වෙලා ටිකක් හයියෙන් කතා කලා.
හොස්ටල් එකේ පුංචි ඔෆිස් රූම් එකක ඉඳන් එලියට ආවේ වැඩිය උස නැති ඒ වගේම මහත කාන්තාවක්. දුඹුරු පාටට හුරු ලොකු කණ්ණාඩි කුට්ටමක් දාගත්තු, සුදුමැලි පාට සමක් හිමි, පීච් ගෙඩියක් වගේ මූණක් තියන මිස් ග්‍රේටා ව හ්වායොන්ට පෙනුනෙ රතු පාට ඉටි ආවරණයක් දාපු ඩට්ච් චීස් බෝලයක් වගේ. මිස් ග්‍රේටා ඒ වෙලාවෙ ඇඳගෙන හිටියෙ ත් රතු පාට බ්ලව්ස් එකක් නිසා ඒක හරියටම ගැලපුනා..
ඉබිකටු කණ්ණාඩි දෙක උඩ පහල කරන ගමන් මිස් ග්‍රේටා හ්වායොන් ගේ හිසේ ඉඳන් පාදාන්තයටම වගේ බැලුවේ ජීවිතේට දැකල නැති ජීවියෙක් දිහා බලන ගානට.
" මිස් ග්‍රේටා, මේ ඉන්නෙ අලුතින් ආපු ළමය. මින් හ්වායොන්" මිසිස් කවාෂි හ්වායොන්ව අඳුන්වලා දෙනකොට කෙල්ල මිස් ග්‍රේටාට ආචාර කලා..
"ඔව්... මැඩම් මාව දැනුවත් කලා. එන්න මාත් එක්ක. ඔයාගෙ රූම් එක තියෙන්නෙ දෙවනි තට්ටුවේ.." මිස් ග්‍රේටා ඉස්සර උනේ අනිත් අයට එයාගේ පස්සෙන් එන්න ඉඩ දීල..
මිස් ග්‍රේටා එක්ක පඩි පෙල නගිනකොට රූම් එකත් බලල දෙපාරක් යන්න එන්න පුළුවන්. බෝල ගෙඩිය වගේ නිසා මිස් ග්‍රේටා පඩියෙන් පඩිය නැග්ගේ බොහොම හෙමින්, පරිස්සමට.
දෙවනි තට්ටුවේ පඩිපෙළ පටන් ගන්න තැන ඉඳන් දිගු කොරිඩෝවක් තිබුන. ඒ දෙපැත්තෙන් කාමර දහයක් හෝ දොළහක් වත් තියෙන්න ඇති. මිස් ග්‍රේටා හ්වායොන් එක්කන් ගියේ කොරිඩෝ එකේ කෙලවරේ තිබුනු අන්තිම කාමරේට.
"මින් හ්වායොන් මේක තමා ඔයාගෙ රූම් එක. ඔයාගෙ බඩු ඔක්කොම ඇතුලෙන් තියල තියෙන්නේ..." මිස් ග්‍රේටා දොරත් ඇරගෙන කාමරේට ඇතුල් උනා.
කිව්වත් වගේම හ්වායොන් ගෙ බඩු මුට්ටු ඔක්කොම කාමරේ තිබුනු ඇඳ උඩින් තියල. පොඩි මේසයක්, පොත් පත් තියාගන්න පුංචි රාක්කයක්, ඇඳුම් පැලඳුම් දාන්න සාමාන්‍යය ප්‍රමාණයේ කබඩ් එකක්, ස්ටැන්ඩ් ලෑම්ප් එකක් වගේ සාමාන්‍යයෙන් කාමරේ දකින්න පුළුවන් දේවල් එතන තිබුන.