" ජන්කුක්...."
" ජන්කුක්..."කෑ ගහගෙන ඇතුලට පැන්නේ ටේහ්යුයොන්.... ඒ පස්සේ ජිමින්ෂි...
"ටේහ්යුයොන්ගී හයොන්ග්... ජිමින්ෂි ඔයාල ?? " ජන්කුක් ටේහ්යුයොන් දිහා බැලුවේ පුදුමෙන්...
" තමුසෙ මොකක්ද කරගත්තේ ආ...." ටේහ්යුයොන් දුවගෙන ඇවිත් ජන්කුක් ළඟ බිමින් වාඩි වෙලා අත අල්ල ගත්තේ වෙන කිසි දෙයක් ගැන අවධානයක් නොදී... ඒ පස්සෙන් බය වෙලා ආපු ජිමින්ෂි නම් කුකී දිහා බලලා ඒ පැත්තකින් වාඩි වෙලා හිටපු හ්වායොන් දිහාවත් බැලුවා.. ජිමින්ෂි ගේ බැල්මේ තිබුනේ මේ කෙල්ල කොහෙන් පාත් උනාද වගේ හැඟීමක්..
හ්වායොන් හිටියේ ඔක්කොටම වඩා පුදුමෙන්... " මේ එදා අර ලයිබ්රි එකේදි හම්බුන...." කෙල්ල හිතින් මතක් කලා... ටේහ්යුයොන් තමන්ගේ ඉස්සරහ බිම වාඩි වෙලා ඉද්දි හ්වායොන්ට දැනුනේ අපහසුවක්....
"මේ මනුස්සයට මාව පේන්නැත්ද මෙහෙම ඉඳන් ඉන්නේ..." කෙල්ල තමන්ටම ගියා ගත්තේ හිතින්...
"යා... ලොකු තුවාලයක් කරගෙන... කියනවා... කියනවා කවුද තමුසෙට තුවාල කලේ... කවුද ඒකට වගකියන්න ඕන... කතා කරනව ජන්කුක්...." ටේහ්යුයොන් තාමත් පැත්තක හිටපු කෙල්ලට අවධානය දුන්නෙ නෑ...
" කවුරුත් නෑ හයොන්ග්... ඒක පොඩි ඇක්සිඩන්ට් එකක්.... එච්චර දෙයක් නෑ... මෙන්න මේ කෙල්ලව බේර ගන්න ගිහින් පොඩ්ඩක් තුවාල උනා... "
ජන්කුක් පැත්තක හිටපු හ්වායොන්ව පෙන්නද්දි කෙල්ලව හීතල වෙලා ගියා... මොකක් හරි හේතුවකට කෙල්ලට හිතුනේ නොදැකම හිටියනම් හොඳයි කියල.... මොකක්දෝ අමුතු ලැජ්ජාවක් හ්වායොන් ගේ හිතට දැනුනා.
ටේහ්යුයොන් කෙල්ල දිහා බැලුවේ ඒ වෙලාවේ.... දැන් පුදුම වෙන වාරය තියෙන්නේ ටේට...
"ඔයා..."
ජන්කුක්, ජිමින්ෂි බලන් ඉඳිත්දිත් ටේහ්යුයොන් ආයෙමත් ඇස් පිල්ලම් නොගහ කෙල්ල දිහා බලන් ඉන්න පටන් ගත්තා... කෙල්ල හිටියෙ ලැජ්ජාවේ උපරිමේටම ගිහින්... දෙයියනේ මේ මනුස්සයා නම්...
ජන්කුකිත් දෙන්නම දිහා බලලා ජිමින්ෂි දිහා බැලුවේ මේ මොකද කියල අහන්න වගේ... මෙච්චර වෙලා වචනයක් වත් කතා නොකර හිටපු ජිමින්ෂිත් කුකී දිහා බැලුවා... ටේ හයොන්ග්, හ්වායොන්ව අඳුරනවා වත්ද...