....... 🌸☘️🌸........
පොත් ටිකත් අකුලගෙන ජන්කුක් ක්ලාස් රූම් එකෙන් එලියට ආවේ හ්වායොන් ල ක්ලාස් එකෙන් එලියට ගියාට පස්සෙයි. හාජින් ගේ අතින් අල්ලගෙන ස්ටාෆ් රූම් එක පැත්තට යන හ්වායොන් දිහා කොල්ල තප්පර දෙකතුනක් බලාගෙනම හිටියා.
ජන්කුක් ට ආයෙමත් මතක් උනේ කෙල්ලගෙ ඇස් දෙක.
"කොහේදි හරි දැකල පුරුදුයි වගේ..." හිතින් කල්පනා කලත් හරියටම අදහසක් ගන්න කොල්ලට බැරි උනා.
ජන්කුක් කෙලින්ම ගියේ එයාගේ හයොන්ග්, ටේහ්‍යුයොන් ගේ ක්ලාස් එක පැත්තට. ජන්කුක් ට වඩා අවුරුදු දෙකක් වැඩිමල් උනු ටේහ්‍යුයොන් හිටියේ එයාගේ ෆයිනල් ඉයර් එකේ. හයිස්කූල් ස්ටඩීස් ඉක්මනින්ම ඉවර කරල තමන්ගේ අප්පා එක්ක ව්‍යාපාර වැඩ වලට සම්බන්ධ වෙන්න ටේහ්‍යුයොන් ආසාවෙන් බලාගෙන හිටියා. දැනටමත් ව්‍යාපාර කටයුතු වල යෙදුනත් ටේහ්‍යුයොන් කැමති උනේ තමන්ගේ සම්පූර්ණ කාලයම ඒ වෙනුවෙන් කැප කරන්න.
ටේහ්‍යුයොන් කියන්නෙ ඩෝ යොන්ග් ගේ දෙවනි පුතා වගේම පවුලේ බාලම දරුවා. ඩෝ යොන්ග් ගේ සහ ඔහුගේ බිරිඳ වුනු චාඑවූන් දරුවන් තිදෙනෙකුගේ මා පිය යුවලක්. වැඩිමල් දියණිය වුනු ගුම්සොන්ග් සහ ඇයට වඩා අවුරුදු දෙකකින් බාල වුනු නම්ජූන් ගේ සහෝදර කැලේ බාලයා උනේ කිම් ටේහ්‍යුයොන්.
මේ බලවත් ඇල්ෆා වුල්ෆ් පවුලට ජන්කුක් එකතු වෙන්නේ හරිම පුදුම සහගත විදියකට...
ජන්කුක් වැම්පයර් පරම්පරාවකින් පැවත එන්නෙක්.... මුහුද ආශ්‍රිතව ජනාවාස පිහිටුවා ගත්තු වැම්පයර් වරු අනිකුත් සමාජවලින් බොහෝම දුරස්ව ජීවත් උනු පිරිසක්. ඒකට හේතුව උනේ ඔවුන්ගේ ජීවන රටාව අනිත් ජීවීන්ට වඩා වෙනස් වීම.
කිඳුරන්ගෙන් සිදුවුනු කරදර හිරිහැර එක්කම ජන්කුක් ගේ දෙමාපියන් සහ ඔහුගේ පුංචි සහෝදරයා ඔහුට අහිමි වෙනවා.
මේ කාලයේදි අහම්බෙන් වගේ ඩෝ යොන්ග් ට තනිවුනු පුංචි වැම්පයර් දරුවාව හම්බ වෙනව. තමන්ගේ සමාජයට අයිති නොවුනත් ඩෝ යොන්ග් තීරණය කරනවා ජන්කුක් ව තමන් ගේ දරුවන් එක්කම හදාවඩා ගන්න. කාත් කවුරුවත් නැතුව අඬ අඬ හිටපු ජන්කුක් ට සහෝදරය තුන් දෙනෙක් එක්කම ලස්සන පවුලක් ලැබුනේ ඒ විදියට....