" මොකද අයිසේ පනුවෙක් වගේ ඇඹරෙන්නෙ? මේවට ආව නම් හරියට කරනවා! නැත්තන් ආපු දිහාවකට පලයන් යන්න මෙතන අපෙ කාලෙත් නොකා.."
මුළු ග්‍රවුන්ඩ් එකටම ඇහෙන්න නාද් මොර තියනකොට වටේ හිටපු හැමෝම මට හිනා උනා. අපේ උන් ඇරෙන්න.. මොකාටද එයා මේ කියන විදිහට කරන්න පුලුවන් ? පන ගිහින් මැරෙනවනෙ අනෙ..
"ඒ ඒ අඩෝ නාද් කෑගහන්න එපා බන්.. උබ දැක්කෙ නෑනෙ.. මූ ඔය වැනි වැනි දිව්වෙ උබ දිහා බල බලා.. ඒ නිසයි පරක්කු උනේ. පවු බන් ඔන්න ඔහෙ බල බලා ඉන්න දීලා නිකන් හිටපන්..""
" හ හ හ් හා.. සිරාවටම මිගාරයෝ අර මුළු ඉස්කෝලෙම කියනවා වගෙ මූ නාද්ට ලවුද? හැබැයි අපිටත් හොරෙන් මුන් දෙන්නා ලවු කරනවද දන්නෙ නැ.."
" අඩො අඩෝ මුනියා.. සිරාවටම බන්? කියන්නත් බැ බලමුකො. හැබැයි පොඩි ෆන් එකකට නම් හොදයි .. "
" මොන විකාරයක්ද මේ?"
එයාත් එක්ක හිටපු සෙට් එක මන් දිහා බලාගෙන අනම් මනං කියනකොට එයා කරේ කනුවකට හේත්තු වෙලා කට කොනෙන් හිනා වෙන ගමන් ඒව අහගෙන හිටපු එක.. ඒ මොහෙතේ මන් පසුතැවුනා මන් කැඩෙට් කරන්න ආව එක ගැන. දැනටමත් අපි ස්කූල් ඇවිදින් අවුරුද්දක් ගිහින් තියනකොට 13 වසරට එනවත් එක්කම මමත් කැඩෙට් කරන්න ගත්තෙ හිතට දැනුන ආසාව නිසාමයි. ඒ උනත් ඒක හිතපු තරම් ලෙසි උනේ නැ. මොකද පුහුනු කරන්න හිටියේ නාද් එක්ක එයාගෙ යාලුවෝ සෙට් එක..
ඒ ඔක්කොම හපන් මේ වෙනකනුත් එයලගෙ සෙට් එක තාමත් ස්කූල් එකට අලුතෙන් ආව අපි එක්ක හිටියේ තරහෙන්. අපේ අයට එහෙම නැතත් හැම තැනකදීම එයාලා අපිත් එක්ක හරහට හිටිනකොට අපිටත් නිකන්ම සිද්ද උනා එයාලට විරුද්දව ඉන්න..
අවුරුද්දක් ගෙවිලත් එයාලා තාමත් අපිව ගනන් ගත්තෙ නැ.ඒත් මේ ගෙවුනු කාලෙ ඇතුලත මට සිද්ද උන නරකම දේ උනේ එයාගෙයි මගෙයි නම් කපල් එකක් විදිහට මේ මුළු ස්කූල් එකෙම ප්‍රසිද්ධ වුනු එක. ඒ දේ එහෙම උනේ හුගක් වෙලාවට කොහෙන් හරි ගිහින් අපි දෙන්නා එකට සෙට් උන නිසා. එයා හිටියෙත් අපේ ක්ලාස් එකේම නිසා වගේම මමත් ගොඩක් තරගවලට තේරෙනකොට හැම දේකටම දක්ෂකම් තිබුන නාද් මාත් එක්කම ඒකට සෙට් උනා. අනික අහම්බෙන් හරි අපිව ස්කූල් එකේදි කොහෙන් හරි මූනට මූන හම්බ වෙනකොට ඒ ලගින් කවුරු හරි යනවා..ඒ නිසාම අපි දෙන්නව කපල් එකක් විදිහට හැමෝම ෂිප් කරා.. මුලින් මුලින් මට ඒක ප්‍රශ්නයක් උනත් ටික කාලයක් යනකොට මන් හිත හදා ගත්තේ බෝයිස් ස්කූල්වල කපල් ෂිප් කරන එක සාමාන්‍ය දෙයක් නිසා.

YOU ARE READING
DewNadh ( Complete )
General Fictionවැස්ස, ප්‍රේමයට එක්තරා ආශිර්වාදයක් වුනාට තනියම ගෙවන ජිවිතේට මහ ම මහ වදයක්. මගේ ජිවිතේ ගෙවුණු හැම ආදරණිය මොහොතක් ම ගෙවිලා ගියේ මේ වැටෙන වැස්සත් එක්කමයි. මං විදවපු තරමක් විදෙව්වෙත් මේ වැස්සත් එක්කමයි. ඒ නිසාම ද මන්දා වෙලාවකට වැස්සට මහ ගොඩක් ආදරේ කරන...