" මොනවද කල්පනා කරන්නෙ?"
" ම්....මුකුත් නැ..."
මන් ලගින් ඇවිදින් ඉදගත්ත නාද් මගේ දකුනු අත ඒ වම් අතේ පටලගෙන හාදුවක් දීලා මන් දිහා බලනකොට මන් එයාට හිනා උනා... ඒත් එක්ක මන් ආයෙම බැලුවේ කවුලුවෙන් පේන දර්ශනේ දිහා...
වලාකුළු අතරින් පුන්චිවට පේන ලංකාව දිහා මන් බලාගෙන හිටියෙ හිස් හැගීමෙන්...
එයයි මායි ආයෙම හම්බ වෙලා මාසයක් ගෙවිලා ගිහින් ඉවරයි .. එදා එයා මාව පැය ගානක් යනකන් සැනසුවා.. ආදරේ කීවා.. එයා ඇඩුවා.. අවසානෙ එයා මාව එයාගෙ ගෙදරට එක්කගෙන ගියා...
මන් හිතුවාත් එයා මාව රැවැට්ටුවා කියලා, මන් හිතුවාත් එයත් අනිත් අය වගේම මාව ඇතෑරලා කියලා... ඒක එහෙම නෙමෙයි වෙලා තියෙන්නෙ..
මාව ඇක්සිඩන්ට් උන දවසේ ඉදන් එයා මාව හම්බ වෙන්න උත්සාහ කරත් එයාට ඒකට අපේ ගෙදර අය නිසා ඉඩක් හම්බ වෙලා නැ.. ඊටත් මන් හැමදේම දාලා එන්න ආවම එයා මාව පුලුවන් හැමතැනම හොයලා තිබුනා... ඒලෙවල් ලියලා ඉවර වෙලත් එයා දිගටම මාව හොයලා තිබුනා.
මගේ හීන හීනම විතරක් වෙනකොට මගේ නාද් එයාගෙ හීන සැබෑ කරගෙන. එයා හයි රෑන්කින් දාලා මොරටුවට තේරිලා. දැන් එයා ඉංජිනියර් කෙනෙක්.
මගේ හීන එයා සම්පූර්ණ කරගෙන තියනකොට එයා වෙනුවෙන් මන් සතුටු උනාත්... මට දැනුන වේදනාව දරාගන්න විදිහක් මන් දැනගෙන හිටියෙ නැ. මට තව දුරටත් හීන තිබුනෙ නැ.
මගේ දෙමාපියෝ වගේ නෙමෙයි එයාගෙ අම්මා, අප්පච්චි, අක්කා, අයියා.. ඒ හැමෝම එයාගෙ තීරනේට ඉඩ දීලා තිබුනා. එයා මාව එයාලගෙ ගෙදරට එක්කගෙන යන්න යනකොට මන් බය උනා... හැබැයි ඒ බය නැති වෙන්න ගියෙ හරිම ටික වෙලාවක් උනත් ඉස්සර වගෙ ඒ දේවල්වලට මුහුන දෙන්න තරම් පෞරුෂත්වයක් මං ගාව තිබුණේ නැහැ.
මගේ අම්මට මගේ අප්පච්චිට මාව තේරුම් ගන්න බැරි උනාට නාද්ගේ අම්ම අප්පච්චි මාව තේරුම් ගත්තා.. මන් මේ වෙනකොට ඉන්නෙ මොන වගේ තත්වෙකද කියන එක එයාලට අදාල උනේම නැ. එයාලා මාව එයාලගෙම පුතෙක් විදිහට ඒ මොහොතේම බාර ගන්නකොට මට තිබුනේ ලොකු පුදුමයක් වගේම දරා ගන්න බැරි වේදනාවක්..
YOU ARE READING
DewNadh ( Complete )
General Fictionවැස්ස, ප්රේමයට එක්තරා ආශිර්වාදයක් වුනාට තනියම ගෙවන ජිවිතේට මහ ම මහ වදයක්. මගේ ජිවිතේ ගෙවුණු හැම ආදරණිය මොහොතක් ම ගෙවිලා ගියේ මේ වැටෙන වැස්සත් එක්කමයි. මං විදවපු තරමක් විදෙව්වෙත් මේ වැස්සත් එක්කමයි. ඒ නිසාම ද මන්දා වෙලාවකට වැස්සට මහ ගොඩක් ආදරේ කරන...