" ආහ්... "
එක පාරටම බ්රේක් පාරක් ගහනකොට මගේ ඔලුව ගිහින් වැදුනේ ග්ලාස් එකට හයි කරලා තිබුන යකඩ කෑල්ලෙ.. ඉස්සර ඒ ලෙවල් ක්ලාස් ගිහින් මහන්සි වෙලා එනකොට බස් එකේ කොනක වාඩි උනාම නින්ද යන්නෙ මලා වගෙ.. ඒ කාලෙත් ඔහොම වැදුනාම දවස් ගානක් යනකන් ඔලුව ගෙඩි ගැහෙනවා. හැබැයි දැන් මගෙ ඔලුව එහෙම ඉදිමෙන්නෙ නැ, ලේසියෙන් රිදෙන්නෙ නැ.. මගෙ ඇගට දැන් දුක ඔරොත්තු දෙනවා...
" නටන්නෙ නැතුව අල්ලගෙන හිටපන්"
වැස්සත් එක්ක යට ගියාව මතක් කර කරා හිටපු මගේ අවදානෙ බිදුනේ ඇහුන කටහඩත් එක්ක... ස්කූල් ලමයි දෙන්නෙක්.. කොල්ලො දෙන්නෙක්... මන් බැලුවෙ බැජ් එක දිහා.. පපුව හෝස් ගාලා යනවත් එක්කම මම ඒ දෙන්නා දිහා හොදට බැලුවා...
අපේ ඉස්කෝලේ.....
තරුන කොල්ලා දෙන්නෙක්... දොලහා වසරේ වගේ ඇති.. උස කොල්ලායි මිටි කොල්ලයි .. මිටි කොල්ලා ලස්සනයි .. කෙල්ලෙක් වගෙ.. උස කොල්ලා හිටියේ මිටි කොල්ලගෙ ඉනෙන් අල්ලගෙන. ටවුන් එක ලග නිසාම බස් එකේ සෙනග හිටපු නිසා එයාලට හරියට අල්ල ගන්න තැනක් තිබුනේ නැ. මිටි කොල්ලා වටපිට බලනකොට මන් දැක්කා උස කොල්ල කට කොනෙන් හිනා වෙනවා...
ඒත්... ඒ හිනාවත් එක්ක ආයෙම මාව ඒ අතීතේ හිර උනා
එයා දැන් මොනවා කරනවා ඇතිද? අනිවාර්යයෙන්ම එයා ඉංජිනියර් කෙනෙක් වෙන්න ඇති. එයා ලස්සන ගැහැනු ලමයෙක් බැදලා ඇති....
නැ.. හිතන්න එපා... ඇස් අගට කදුළු උනනකොට මෙතෙක් දවස් වලලා දාගෙන හිටපු හැහීම් ටිකෙන් ටික උඩට එන්න ගන්නවා වගෙ මට දැනෙන්න ගත්තා... මට මතක් උනා අවසාන කාලෙදි එයයි මායි එකම බස් එකක ගියපු විදිහ, එයා හොරෙන් මට ඉගිබිගි කරපු විදිහ, විඩෙන් විඩේට අහම්බෙන් වැදුනා වගෙ මගෙ ඇගේ තැනින් තැන අල්ලපු විදිහ...
" ඔයා හොදින්ද නාද්? ම-මම තාමත් හිටපු තැනමයි..."
ඉතින් හැමදාමත් වගේ ඒ රුව මතක් වෙන ගානට මට බරටම හුස්මක් පාත දැමුනා... එයාව මතක් වෙන වාරයක් පාසා ඒ දැනෙන හැගීම නැතිකර ගන්න විදිහක් මන් දැනගෙන හිටියේ නැ. අනිත් හැම වේදනාවක්ම දරා ගත්තාත් මට එයාව මතක් වෙනකොට දැනෙන හැගීම දරා ගන්න විදිහක් මන් තාමත් දැනගෙන හිටියේ නැ. එදා රැ.. එයා මාව එයාගෙම කර ගත්ත විදිහ මැවිලා පේනකොට ආයෙ ආයෙම ඒ හැගීම විදගන්න ආසාවක් ආවත් එයා මාව අතැරලා දාපු විදිහ මතක් වෙනකොට මට මාවම මරා ගන්න හිතුනා. එදා එහෙම නොවුනා නම් අද මන් මෙහෙම අසරන වෙන්නෙ නැ. එයා මාව එක්කගෙන ගියා නම් අද මට මෙහෙම වෙන්නෙ නැ...
ESTÁS LEYENDO
DewNadh ( Complete )
Ficción Generalවැස්ස, ප්රේමයට එක්තරා ආශිර්වාදයක් වුනාට තනියම ගෙවන ජිවිතේට මහ ම මහ වදයක්. මගේ ජිවිතේ ගෙවුණු හැම ආදරණිය මොහොතක් ම ගෙවිලා ගියේ මේ වැටෙන වැස්සත් එක්කමයි. මං විදවපු තරමක් විදෙව්වෙත් මේ වැස්සත් එක්කමයි. ඒ නිසාම ද මන්දා වෙලාවකට වැස්සට මහ ගොඩක් ආදරේ කරන...