🍂 03 Chapter 🍂

1.4K 242 15
                                    

        ඉතින් එදා  දවසින් පස්සෙ මගෙ ඉස්කෝලෙ ජීවිතේ ටිකක් විතර අමාරු වෙන්න පටන් ගත්තා.. පහුවදා ඉස්කෝලෙ ගියාම මේන් ගේට් එකේ හිටපු එයාගෙ මූන දිහා බලන්න මට ලැජ්ජා හිතුනාත් එයා හිටියේ එහෙම දෙයක් නොවුන ගානට.. හිත කලබල උනාත් මන් හිතුවා සමහරවිට නාද් මාත් එක්ක තරහට එහෙම කරන්න ඇති කියලා.. හිත ලාවට රිදුනාත් මන් හිතුවා ඒ දේවල් දරා ගන්න.. මොකද මට මේ ඉස්කෝලෙ ඇතුලේ ඉගෙන ගන්න එක වැදගත් වුන නිසා. නිකමටවත් මන් ගේ කියන එක ප්‍රසිද්ධ උනොත් ඒකෙන් සිද්ද වෙන්නෙ මට හැමදේම නැති වෙන එක කියලා ඒ වෙනකොටත් මට තේරිලා තිබුනා....

ඒ නිසාම මම හිතුවා ඉගෙන ගන්න වැඩවලට අවදානේ දෙන්න... දවස දෙක ගෙවිලා යන්න යනකොට අමතක කරන්න හදපු ඒ මතක ආයෙ ආයෙ අලුත් වෙන්න ගත්තේත් නාද් නිසාමයි.. කට්ටිය තලේ උනත් ඉඩක් ලැබුන විගස එයා මට ඇස්වලින් , කටෙන් එක එක දේවල් ඉගි කරන්න පටන් ගත්තා.. ඒ නිසාම මගේ සැනසීම ටිකෙන් ටික නැති වෙන්න ගත්තා. 

කිසිම කෙනෙක් නැති තැන මාව එදා වගේම බිත්තියකට හිර කර ගන්න, මගේ මූනටම පහත් වෙලා කතා කරන්න, එදා වගේම මගේ බෙල්ල පාමුල ඉබින එක.. එයා නිතරම කරා. එ හැම දෙයක් අස්සේම මාව එයා ඉස්සරහා දිය වෙලාම ගියේ ඉදහිට එයාගෙන් මගේ කම්මුලකට වගේම බෙල්ල පාමුලට ලැබෙන දැනෙන නොදැනෙන සියුම් හාදුව නිසා..

එයා ආයෙම මාව සිප ගත්තේ නැතත් ඒ දේවල් කරනකොට මට මාව පාලනෙන් තොර වෙන්න ගත්තා. පලවෙනි පාරට කෙනෙක් ගාව නැවතුන මගේ හිත ඒ පහස හොයන්න පටන් ගත්තා.. මටත් නොදැනිම.. ඒ උනාත් එයාගෙ හැසිරීම එක්ක වෙලාවකට මට බය හිතුනා.  එයා මට ආදරේ නොකර වෙන දෙයක් විතරක් නම් හොයන්නෙ? එහෙම උනොත් මට මොකක්ද වෙන්නෙ? අනික හැමදේටම වඩා මට තිබුන ලොකුම ප්‍රශ්නේ එයයි මගෙයි අතර මේ තියෙන්නෙ මොන වගෙ  දෙයක්ද කියන එක...

මාස කිහිපයක් ගෙවිලා යන්න යනකොට එයා මාත් එක්ක ප්‍රසිද්දියේ උනත් ටික ටික කතා කරන්න පටන් ගන්නකොට ඒ වචන දෙක තුන දවසින් දවසට වැඩි වෙලා විනාඩි ගනන් අපි කතා කරන දවස් වැඩි වෙනකොට මට තේරුනා මගේ හිතේ නාද් වෙනුවෙන් තිබුන කැමැත්ත ටිකෙන් ටික වෙනස් හැගීමකට පෙරලෙන වග... ඔව්.. මන් එයාට ආදරේ කරන්න ගත්තා..

නාද් කියන පුද්ගලයාට මන් ටිකෙන් ටික ආදරේ කරන්න ගත්තා.. සමහරවිට මන් මට ආදරේ කරනවාටත් වඩා එයාට ආදරේ කරනවාදෝ කියල මට නොහිතුනාමත් නෙමෙයි. එයාව නොදකින දවසක් කියන්නෙම මට කල්පයක් වගේ වෙනකොට අපි දෙන්නා පෝන් එකෙන් පවා ටික ටික මැසේජ් කරන්න පටන් ගත්තා.. හැබැයි මහා ගොඩාක් ලොකු දේවල් නෙමෙයි. අපි අපි ගැන දැන ගත්තා. තව ඉගෙන ගන්න දේවල්.. අපි එකට ඒ දේවල් විසදගත්තාත් නොදැනුවත්ම එකිනෙකා දකිනකොට දරා ගන්න බැරි තරම් සතුටක් වගේම හදවත සතුටින් ඉපිලිලා ගියාත් අපි දෙන්නගෙන් එක්කෙනෙක්වත් ඒ බැදීමට නම දෙන්න ගියේ නැ..

එහෙමමත් නෙමෙයි. මට දැනුනෙ නාද් ඒ බැදීමට නමක් දෙන්න කැමති නෑ වගේ කියලයි. සමහරවිට ඒ මට එයාව තේරෙන විදිහදෝ කියලා මට හිතුනේ නාද් කියන කෙනා මන් හිතුවාට වඩා ගොඩක් සංකීර්න කෙනෙක් උන නිසයි.. පිටින් පේන කෙනාට වඩා නාද් කියන්නේ හැමදේම හොදට හිතලා බලලා කරන කිසිම වෙලාවක තේරුම් ගන්න පුලුවන් කෙනෙක් නෙමෙයි කියන්න මට ටික ටික තේරුනා.. ඒ උනත් මට ඕනි උනේ එයාව තේරුම් ගන්න.. එයා එහෙම වෙනකොට එයා නම් හැමවෙලේම මට කීවේ

" දේව්.. ඔයා තනිකරම දිගෑරලා තියන පොතක් වගේ" කියලා. ඉතින් ඒ හැම වෙලාවකම මට අහන්න ඕනි උනා ඒ දිගැරලා තියන පොතේ ඔයා වෙනුවෙන් ලියවිලා තියන දේ තේරුම් ගන්න බැරිද කියලා.  එත් එයා වගේම මමත් නිහඩ උනා.. මොකද මන් බය උනා. ලංකාව වගෙ රටක අපේ වගේ සම්මත උනත් අසම්මත උන බැදීම්වලට තියන තැන නිසා..

නැ.. මට මගින් නවතින්න උවමනාවක් නෙමේ තිබුනේ. මට ඕනි උනේ එයත් එක්ක වයසට යනකන්ම අත අල්ලගෙන ඉස්සරහටම යන්නයි .. ඉතින්  මන් හිතුවා ඒ ලෙවල් ඉවර වෙනකන් ඉන්න... තව මාස හයකටත් වඩා අඩු කාලයක් තියනකොට අපි දෙන්නට දෙන්න පොරොන්දු උනා විභහගේ හොදට කර ගන්න..

ඉතින් ඉදහිට එයයි මායි තනිවෙන අපේ ඩ්‍රෙසින් රූම් එකකදී එදා හවස වගේම මාව ඒ අත් අතරට මැදි උන අවස්ථාවන්වලට මට දැනුනෙ මාව ඉගිල්ලෙනවා වගේ හැගීමක්.. ඒ හැගීමට මන් ආදරේ කරා.. එයාගෙන් ලැබෙන එක හුස්මටත් මන් ආස කරා....

වෙන කිසිම දේකට වඩා මන් ඒ දේට ආදරේ කරා...


                                   ❤️




DewNadh ( Complete )Hikayelerin yaşadığı yer. Şimdi keşfedin