මම ගැස්සිලා ගිහිල්ලා ඒ ගැස්සිල්ලත් එක්ක අඩි දෙකක් විතර පස්සට විසි වෙලත් ගියා.. සේරම එකයි.. පිටිපස්සෙන් හොල්මන් කරලා හාට් ඇටෑක් හදෝනවා.. මම අමාරුවෙන් කකුල හරහට තියලා බිමට වැටෙන්නැතුව බේරුණා.. ඒත් ඒ බැල්මවත්, හැසිරීමවත් වෙනස් නම් උනේ නෑ.. එක එල්ලෙම මම දිහා බලාගෙන යටට මැද කාටුන් එකක් ප්‍රින්ට් කරපු සුදු ෂර්ට් එකකට
ඇඟට ලොකු, බාගෙට බට්න් ඇරලා කොටු කොටු ශර්ට් එකක් උඩින් දාලා, ලා නිල් පාට ටිකක් ලොකු ඩෙනිමට බාගෙට යට කරලා, මූණෙන් බාගයකට වඩා වැහෙන්න සුදු කැප් එකක් දාලා.. ඉස්සරහට අඩියක් තිබ්බෙ, මම මාව බැලන්ස් කරගෙන ඒ බැල්ම නිසාම හයියෙන් ගැහෙන පපුවට අතකුත් තියාගෙන එක එල්ලේ ඒ රූපෙ දිහා බලාගෙන ඉන්න ගමන්... ආත්මාරක්ෂාව ට ඉගෙනගත්ත දේවල් ටිකක් ඇරුණුකොට මට ලොකු දෙයක් කරගන්න බෑ.. මූණ වැහිල තිබ්බ සුදුපාට මාස්ක් එකෙන් උනත් ඒ ඇස් වල පුරුදු බැල්ම මට කිව්වේම මේ මම හොඳටම දන්න කෙනෙක් කියන එක නිසාම ආත්මාරක්ෂාව ට ඉගෙනගත්ත කික්ස් මට පාවිච්චි කරන්න හිතුණෙ නෑ.. ඇරත් මට මෙතන කරදරයක් වෙන්නෑ කියලා මම හොඳටම දන්නවා... ඒ රූපෙ ටිකක් ඉස්සරහට ඇවිත් නතර වෙලා.. මම දිහාම බලාගෙන ආයෙ මම ඉස්සරහට එන්න පටන්ගත්තෙ අපි අතර දුර සීමාව මිටර තුන හතරක දුරේ ඉඳලා අඩි දහයකට විතර ළං වෙන ගමන්... මම එක තත්පරේට ඒ ශරීර ලක්ෂණ ටික ස්කෑන් කරගෙන ගිහිල්ලා ඇස් නතර කරේ උඩට ඇඳපු අත් දිග ශර්ට් එකෙන් වැහිල තිබ්බ ඇඟලි ටික උඩ... ඒ ඇඟලි ටික දැක්කහම නම් මගේ හාට් බීට් එක ඩබල් උනා.. ආයෙමත් මම ඇස් ගෙනිච්චෙ ඒ වයිඩ් ශෝල්ඩර්ස් දිහාවට... ඒ එක්කම ගත්ත ලොකු හුස්මක් එක්කම මම පිටිපස්සට යන එක නතර කරේ.. මහ දවාලක වෙන රටක හොස්පිට්ල් එකක් ඇතුලෙ හොරා පොලිස් කරන ඒ රූපේ හරියටම අඳුරගත්දි.. හැබැයි මට එහෙම ඉන්න උනේ විනාඩියකටත් අඩු කාලයක්... ඒ රූපේ සහ මම අතර තිබ්බ පරතරය නැති කරලා හරියටම මගේ ඉස්සරහට ආව ඒ රූපේ නැවතෙද්දි.. මහ හයියෙන් ගැහෙන හාට් එකේ සද්දෙ ඇහෙයි කියන බයටම මම කකුලක් පිටිපස්සට තිව්වා ආයෙම... මම ඒ වෙද්දිත් හිටියෙ කකුල වැරදියට තියාගත්ත ගමන්... කකුල උස්සලා ආපස්සට තිව්ව තත්පරේම ඒ කකුල පෙරලිලා වැරදි ඉරියව්වෙන්ම බිමට ඇදගෙන වැටෙන්න ගියේ, බැලන්ස් එක නැතුව...
YOU ARE READING
💕🌙 MOON in the My SKY... 🌙💕
Fanfiction🌙🌎 YOU ARE MY MOON ~ I'M YOUR EARTH.. 🌙🌎 Accidentally I met you Under the sky..... Suddenly at first sight I fell love with you.. I believe it's our Fate... 🌈 But we are far away now I can't see you as I want I can't touch you even if I want I...