🌙🌙19th Moon : I LOVE YOU...💘💜💘

26 2 2
                                    


"කැමේලි..."

" ම්ම්..."

එක වතාවක් නෙවෙයි තුන්වෙනි වතාවටත් මගේ මූණ දිහා බලාගෙන ජින් මගේ නම කියද්දි මම හිටියෙ හුස්ම හිරවෙලා පණ අදින ලෙඩෙක්ගෙ තත්වෙට වැටිලා.. තුන්වෙනි වතාවෙදි මම ඒකට රිඇක්ට් කරේ පණ ඇද ඇද ඉන්න කෙනෙක් කෙඳිරී ගාන තරම් හෙමින් සද්දෙ හරිම අඩුවෙන්.. ඇස් වලට කඳුලු පිරෙන තරම් වෙද්දි මට හිතුණෙ මම ආදරේ එක්ක අඬන බබෙක්ම වෙලා කියනෙක.. ඒත් කරන්න දෙයක් තිබුණේ නෑ.. මම අතින් පපුව තද කරගෙන තොල් හපාගත්තෙ තව තත්පරේකීන් හයියෙන්ම මට ඇඬෙන වග දැනෙද්දි...
""""" ඔහොම පුච්චන්නෙපා දෙයියනේ.. කොහොමද මම උහුලගන්නේ මේක.. """"
මට ඒක ජින්ට කෑ ගහලා කියන්න ඕනෙ උනාට එක වචනයක් එලිරට දාගන්න කට ඇරියොත් මම කරන්නෙ හයියෙන්ම මේ ගිලගන්න, එක පිට එක එන ඉකි ගගහා අඬනෙක විතරයි කියලා දන්න නිසා පුලුවන් තරම් තොල් දෙක හපාගත්තෙ වෙන කරන්න දෙයක් නැති හින්දා..

" සරංහම්නිදා.. නෝමු.. නෝමු සරංහම්නිදා"

" නා... දු.. "

ජින් කිව්ව දේත් එක්ක මට කියාගන්න පුලුවන් උනේ එච්චරයි... එච්චරම තමයි.. මම එහෙම කියලා අඬාගෙනම ඒ බෙල්ලේ එල්ලුනා... හිතට දැනුන පුදුමේ...සතුට... ඒ අස්සෙන් විස්තර කරන්න නොතේරුණු හැඟීම් අහුරක් අස්සෙන් හිරකරගෙන හිටපු කඳුලු පොකුරක් මූණ වහගෙන ගලාගෙන යද්දි උගුර පහලට තල්ලු කරපු ඉකියක් මහා හයියෙන් බිඳෙද්දි මම ඒ රූපෙ තද කරලා බදාගත්තා... මම හොස්පිට්ල් බෙඩ් එකේ ඉඳගෙන ඉඳලා එක පාරට ඉස්සිලා පැනලා ජින්ගෙ බෙල්ලෙ එල්ලුන නිසා මගේ පැත්තට නැවිලා හිටපු ජින් බැලන්ස් නැතුව මමත් එක්කම ඇඳ උඩටම පෙරලලිලා ගියේ මම යටට.. ජින් මගේ ඇඟ උඩටත් එන විදිහට...එක උඩ එක වැටෙද්දි ජින් කොහොමහරි මගේ ඇඟටම බර නොවි අත්දෙක බෙඩ් එක උඩට තියලා බැලන්ස් උනා.. එහෙමම වැටුණ ඉරියව්වෙන් දෙන්නට දෙන්නා මූණ බලාගෙන ඉද්දි ජින් ආයෙම මූණට එබෙද්දි ඒ දේට අනුබලයක් දෙන්න හිතුණත් දෝරෙ ගලන ඒ හැඟීම් ඔක්කොම එකට එකතු කරලා හිතේ තද කරගෙන මම වැටෙද්දි පිටිපස්සට තිව්ව අත් දෙකෙන් එකක් අරන්  ඒ කහපාටත් සුදුපාටත් අතරෙ පාටකින් තිබ්බ ඒ මූණේ එක කම්මුලකට තියලා මම ඒ මූණට එබුණා.. මගේ තොල් දිහාවට හැරිලා තිබ්බ ඒ දිග ඇස් මගේ ඇස් එක්ක පැටලුණේ ඒ ඇස් දෙක ලොකු වෙද්දී..

You've reached the end of published parts.

⏰ Last updated: May 30 ⏰

Add this story to your Library to get notified about new parts!

💕🌙 MOON in the My SKY... 🌙💕 Where stories live. Discover now