🌙🌙16th Moon: Let Me Stay In This Dream Forever😇😇

16 2 3
                                    


මම හිතන්නෙ දෙවනියට කැබින් එකේ දොරත් ඇරගෙන අනවසරෙන්ම ඇතුලට ආව ඒ රූපේ දැකලා මං වගේම මම ඉස්සරහ හිටගෙන හිටපු හෝබි ඔප්පත් පුදුම උනා කියලා ශොක් වෙලා බලාගෙන හිටපු විදිහෙන් මට තේරුණා.. ඔව්... ඉතින් ආයුරා එපා කියද්දි කැබින් එකට කඩාගෙන වැදුනේ වෙන කවුරුත් නෙවෙයි හෝබි.. එහෙම නැත්තම් ජේ හෝප්... පිලිගන්න පුලුවන් සාධාරණ හේතුවක් නැත්තම් හෝබි කියන්නේ කාගෙවත් තැන් වලට එහෙම කඩාගෙන යන කෙනෙක් නෙවෙයි... එයා විතරක් නෙවෙයි ඒ හත්දෙනාම.. ඉතින් ඒ සාධාරණ හේතුව ගැන අහන්න උනේ නැත්තෙ අපේ කතාව පටන් ගත්තෙ වෙනම විදිහකට නිසා... ඊටත් අපි දෙන්නට, අපි දෙන්නට හේතු දක්වගන්න තරම් වෙලාවක් දෙවනියට කැබින් එකට ආව කෙනා නිසා නැති උන නිසා.. ඉතින් ඒ දෙවනියට ආවේ වර්ල්ඩ් වයීඩ් හැන්ඩ්සම් ජින් මිසක් වෙන කවුද... කොහොම උනත් අපි තුන්දෙනා අපේ මූණු ටික දිහා මාරුවෙන් මාරුවට බල බලා කොච්චර වෙලාවක් හිටියද කියන්න අපි තුන්දෙනාම හරියට දන්නෙ නෑ කියන්න මට කැට තියලා කියන්න පුලුවන් උනත් මේ ඒකට වෙලාව නෙවෙයි.. විනාඩියක්. දෙකක්... ගෙවිලා යද්දි අපි කවුරුහරිම කතාව පටන්ගන්න ඕනෙ කියලා මට හිතුණා.. ඒ හිතුණට ඉතින් මොනවද කියන්නෝන කියලා මගේ ඔලුවට ආවේ නැත්තෙ මම හිටියෙ සෑහෙන අමාරුවකින් ඇස් වල කඳුලු පාලනේ කරගෙන.. කොච්චර හිනා වෙලා ආතල්ලෙකෙ හිටියත් මම හෙනට සෙන්සිටිව් කෙල්ලෙක්.. විශේෂයෙන් මෙතන ඉන්න හරියටම මගේ කෙලින් මගේ ඉස්සරහ හිටගෙන ඉන්න රූපේ අයිතිකාරයා ඉස්සරහදි මාව නිකම්ම ඇතුලතින් දියවෙලා යනගමන් හිටියෙ.. දියවෙන්න අයිස් කැටයක් නොඋනට මේ තත්පරේදි මගේ හිත... මෙච්චර දවසක් එකතු කරගෙන යථාර්තයට මූණ දෙන්න හදාගත්ත හිත.. අයිස් වලටත් වඩා ලේසියෙන් දියවෙලා යමින් තිබ්බේ...ඒ නිසා මම කට ඇරියොත් ... කතා කිරීම කොහොම උනත් හූ තියලා අඬනෙක නම් 100% ක්ම ෂුවර් වෙද්දි මම ඒ බැල්ම දරාගන්න බැරිව බිම බලාගත්තෙ තොල්දෙක යන්තම් ලේ රස වෙන තරමට හපාගෙන..

" ජින් හ්යොන්ග්... මෙතන ඔයා ...."

" ආරායෝ ජේ හෝප්.. ආරායෝ.. මම මේ අහන්න ගියේ උඹ කොහොමද බන් මෙයාව හොයාගත්තෙ කියලා?"

" ඒහ්.... හ්යොන්ග් ඔයා... "

" මම පුදුම වෙන එකම දේ අර කොහේද දුර රටකට යනවා කිව්ව කෙනා කොරියාවෙන්ම මතු උනේ කොහොමද කියලා විතරයි.... "

💕🌙 MOON in the My SKY... 🌙💕 Where stories live. Discover now