🌙3rd Moon.. : Call me Back....📞📞

29 4 15
                                    


" ශිල්යෙහම්නිදා... දිගටම ඔහොම ඉන්නද කල්පනාව මිස්..."

ඇස් වහගෙන කූඩැල්ලෙක් වගේ කාවදෝ බදාගෙන හිටපු මගේ කන ගාවින් හෙමිහිට
ඒත් ටිකක් ගැඹුරු විදිහට ඇහුණු කටහඬින් මම උඩ ගියා... අෆ්ෆා.. අද මගේ ග්‍රහයා හොඳටම නීච වෙලා නෙප්චූන් වෙලා වගේ.. මටමනේ ය කො වෙන්නෙ... ආයෙමත් වෙච්ච ලැජ්ජාවටම හීන් දාඩියක් දාගෙන එද්දි මම පට ගාලා ඇස් දෙක ඇරලා ඒ එක්කම ආපස්සට උනා.. ආපස්සට උන පාර පිටිපස්සෙන් වැහිලා තිබුණ දොරේ ඔළුව වැදෙන්න යද්දි ඒ අතක් ආයෙමත් මගේ ඔළුව පිටිපස්සට ගියේ සෙනිකව.. " අහ්.. කැමේලි.. කැමේලි ටවුසෙට අද කාගෙ නැට්ටද පෑගිලා තියෙන්නෙ.. ".. මගේ හිත ඒ පාර මටම දෙහි කපනවා... දොර හරහා යන්න බැරි නිසා මම එහෙමම ඉඳගෙන ලැජ්ජාවෙ උනත් ඇස් ඇරලා බෝල කරගෙන බැලුවේ මගේ ඔළුව පිටිපස්සට අතකුත් තියාගෙන මගේ දිහා බලාගෙන ඉන්න ඒ රූපේ දිහා..

" ආ.. හ්.. හෝ..හෝබි ඔප්පා..හ්.."

"ආ...මාව අඳුනනවා වගේ ළමයා.. "

" නේ...නේ.. මේහ්...මම යන්නම්.. ආ.. මිආන්..."

එතන හිටියේ මොකකට හරි එළියට ගිහිල්ලා ආයෙ වෝඩ් එක ඇතුලට යන්න ආපු BTS ටීම් එකේ සන්ෂයින්... ඉර එළිය වගේ මම ආසම කරපු හිනාවක් තිබ්බ ජේ හෝප්... ඒ හිනාව අස්සෙ මම අතරමං උනා වගේ උනේ මොනවද කියන්න ඕන කියලා තෝරගන්න බැරි වෙනකොට... යන්නම් කියලාත් හෝබි ඔප්පා එහෙම අහද්දි ඉඳපු ඉරියව්වෙන්ම මම බෝල ඇස් වලින් ඒ මූණම ස්කෑන් කරේ.. මේ තරුව ආයෙ මෙච්චර ළඟට දැකගන්න පුළුවන් වෙයිද කියල ඇත්තටම දන්නැති හින්දා..

" වෝ... මගේ මූණේ මොනවා හරි තියනවද... ඔහොම බලාගෙන ඉන්නෙ..?"

හෝබි, පුදුම වෙලා වගේ ඇස් දෙකත් ලොකු කරලා අර ලස්සන ම හිනාවත් දාලා අහද්දි මට "ඔව්" කියන්න ඔළුව වැනුනේ ඔටෝමැටිකලිමයි..

" අහ්... අනීඊඉහ්... අ..නී..යෝ..හ්.. "

මම ඒ ක්ෂණිකෙන්ම කරපු දේ මීටර් උනත් එක්කම, නෑ කියන්න හයියෙන් ඔළුව වනලා එහෙමත් කියාගෙන , හෝබි ඔප්පා මගේ ඉස්සරහම, ඒ හුස්ම වැදෙන තරමටම ලං වෙලා මගේ මූණ දිහාවෙම බලාගෙන ඉද්දි මගේ ඔළුව වදිනවට දොරට තියාගෙන හිටපු අත අස්සෙන් රිංගලා එලියට පැනලා එතනින් අතුරුදහන් උනේ දැණුන ලැජ්ජාවට... ඒ වගේම පපුව ගැලවිලා වැටෙන තරමට හයියෙන් ගැහෙද්දි..
____________________________

💕🌙 MOON in the My SKY... 🌙💕 Where stories live. Discover now