ජිමින් ටේටත් වඩා හෝබි හැම දෙයක්ම දැනගෙන හිටපු නිසා වගේම මේ ටිකට අනිත් හැමෝටම වඩා මම හෝබි ඔප්පා එක්ක ක්ලෝස් වෙලා හිටපු නිසා.. හම්බුණ මුල්ම වෙලාවේ ඉඳලා හැම වෙලාවෙම හොඳම යාලුවෙක් වගේ... නංගියෙක් ගැන වද වෙන අයියෙක් වගේ පස්සෙන්ම හිටපු කෙනා උනේ හෝබි නිසා.. නම්ජූන් යුංගි දෙන්නත් මට පොඩි එකෙක්ට වගේ සැලකුවත් ඒ දෙන්නට මම පොඩ්ඩක් විතර බයක් තීබ්බා.. ඒක විස්තර කරනවා නම්.. බී.ටී.එස් ලාගෙන් ජින්.. හෝබි.. යුංගි.. නම්ජූන් හතරදෙනා මට වඩා වැඩිමල් වෙද්දි... එතනින් යුංගි.. නම්ජූන් දෙන්නාව මට දැනුනෙ මගේ ලොකුම අයියලා දෙන්නා වගේ.. යුංගි ලොකුම අයියා විදිහටත්.. නම්ජූන් ඊළඟ අයියා විදිහටත්.. ජින් ගැන මට සහෝදර පදනමින් හිතන්න බැරි උනේ එයාව මුල ඉඳන්ම දකින්නත් කලින්ම බයස් වගේම මගේ crush එකත් උන නිසා.. හෝබිවත් අයියා කෙනෙක් වගේ උනත් අර අයියලා ගොඩක් ඉන්න පවුලක ක්ලෝස්ම සහ ෆිට්ම අයියා කෙනෙක් ඉන්නවා වගේ මේ සෙට් එකේ එතනින් මට එහෙම දැනුනෙ හෝබිව..ජිමින් ටේ දෙන්නා සමවයසේ යාලුවෝ.. සමවයස් සහෝදරයෝ වගේ දැනෙද්දි ජන්ගුග් මගේ මල්ලි වගේම දැනෙද්දි මක්නේ ලයීන් එකේ ගොඩටම මාවත් වැටෙද්දි හෝබි හිටියෙ හැමදේම කියලා ෂේප් එකේ ඉන්න පුලුවන් අයියෙක් ගානට... ඒක මීට වඩා පැහැදිලි කරන්න මට තේරෙන්නෙ නෑ ඉතින්.. කොහොමහරි මම හිටියෙ කියාගන්න බැරි තරම් අවුලින් වෙද්දි ඇඬිල්ල එක්ක සැහැල්ලු වෙන හිතට ආයෙම වේදනාවක් දැනුනේ කිචන් එකට කවුරු හරි ආව ගමන්ම හැරිලා යන හඬත් එක්ක ඒ ජින් වෙන්න ඇති කියලා තේරෙද්දි.. ඒ කොහොම උනත් මම එහෙමම හිටියෙ ජින් හෝබීව වැරදියට තේරුම් ගන්නෙ නැති බව මම දන්න නිසා.. මට ඕන උනේ නොසන්සුන් වෙච්ච හිත සන්සුන් කරගන්න විදිහක්... ජින් ඇවිත් ගියා කියලා තේරුනත් ඒ ගැන මම වද වෙන්න නොගිය අනිත් හේතුව උනේ ඇත්තටම මට එයාට කෙලින් කතා කරන්න තරම් මගේ හිත ක්ලියර් නොඋන නිසා.. ඒ ගැන දැනගන්න වෙන්නත් එයාගෙන්ම බව ඇත්ත උනත් ඒ මූණ දීහා බලන් මට ඒක අහන්න තරම් හයියක් භේ වෙද්දි නෑ කියලා මම හොඳාකාරවම දැනන් හිටියා..
" අනීඊඊඊ.. හෝබි ඔප්පා මට යන්නෝනෙ... අනේ.. මට යන්නෝනෙ.. මට...හග්...හග්.."
YOU ARE READING
💕🌙 MOON in the My SKY... 🌙💕
Fanfic🌙🌎 YOU ARE MY MOON ~ I'M YOUR EARTH.. 🌙🌎 Accidentally I met you Under the sky..... Suddenly at first sight I fell love with you.. I believe it's our Fate... 🌈 But we are far away now I can't see you as I want I can't touch you even if I want I...