🌙🌙7th Moon : In your dreams..💜

22 4 50
                                    

"ය...යන්නෙපාහ්..."

මම ජින්ගෙ ගාවින් නැගිටලා යන්න හදද්දි ඇහුණේ ඒ වචන ටික. මගේ හිත කී වෙනි පාරටද මන්දා ගැස්සුණා.. මම එතකොට හිටියෙ ක්විල්ට් එකත් පෙරවලා මූණ දිහාත් ඇති වෙන්න බලලා හිත එක එක විකාර හිතන්න ගත්ත නිසා එතනින් යන්න නැගිටින ගමන්.  එකපාරට කඩ කඩ කිව්ව ඒ වචන ටික එක්කම මගේ පිජාමා ෂර්ට් එකේ එක අතකින් ගුලි කරලා අල්ලගත්දි ඇත්තටම මට ඉන්න තැනත් අමතක උනා...

"ය ..ය..න්නෙපා..හ්... මාව දාල යන්නෙපා..."

මම ඇස් දෙකත් ලොකු කරගෙන එහෙමම බැලුවේ පිජාමා ෂර්ට් එකෙන් ඇද ඇද ජින් ආයෙම කියවන්න ගත්දිම.  හිතත් ගැස්සුණා.. ඒ මටද.. නැත්තම්... මට එතනින් එහාට හිතන්න නොදීම ජින් මජේ පිජාමා එකේ අත අතෑරලා මගේ මැණික් කටුවෙන් අල්ලගෙන ඇද්දා.. කම්පියුස් වෙලා මොකාද එකා වගේ සිහිය එලවගන්න බැරිව බාගෙට සෝෆා එක ළඟ නැගිටින අතරෙ හිටපු මං ඇදිලා ගිහින් වැටුණේ ඒ පපුව උඩට ඒ එක්කම මම සෝෆා එක අල්ලගත්තත් ඒකෙන් වැඩක් උනේ නැත්තෙ ඒ ඇදපු වේගෙත් එක්ක.. ජින්ගෙ ඇඟ ඒ තරම් මහත නොඋනට මොකද ගල් වගේ..  මගේ කම්මුල් වලට රිදුණෙ නිකම් එකපාරට ගලක වැදුණා වගේ.. ඒ වැදුණ පාරට කෑ ගැහෙන්න ගියත් ජින් ඉන්නෙ නින්දෙන් වගේම එහා පැත්තෙ පේෂන්ට් බෙඩ් එකේ ජිමින් ඉන්නවා කියලා මීටරේට වැටෙද්දිම නිදහසේ තිබ්බ අතින් මම කට තද කරගත්තා... මට කෑ ගැහිලා ජිමින් එහෙම ඇහැරුණා නම් මල මගුලක් වෙනවානෙ.. මම ඕව හිත හිතා ඉද්දි, ජින් මාව ඇදලා අරගෙන හොදට බදාගෙන මගේ කොණ්ඩෙ අතගාන්න ගත්තෙ දුකෙන් තව තව මොනවදෝ කියන ගමන්..  ඇත්තටම මට කෙඳිරි ගානව වගේ ඇහුණා මිසක් ඊට පස්සෙ කියපුවා මොලේට වැටුණෙ නෑ.. මගේ පපුව ඊට වඩා සද්දෙට ඩොග් ඩොග් ගෑව නිසාම වගේම මම උන්නෙ වෙච්ච දෙයින් සිහිය ලෙප්ට් වෙච්ච ගානට.. එහෙම නොඋනොත් තමා පුදුමෙ.. මං අමාරුවෙන් එතනින් මිදෙන්න හැදුවත් යකඩ අඬුවකට අහු උනා වගේ තව තව හිර වෙද්දි මට හිතුණේම කාඩියැක් ඇරෙස්ට් එකකින් මම මෙතනම ස්වර්ගස්ථ වෙන්න යනවා වගේ හැඟීමක්... ඒත් ඒක අස්සෙන් මගේ ඔලුවට වතුර වගේ දෙයක් වැටුණා වගේ දැනෙද්දි, ඒ උරහිස් ගැස්සුණේ ජින් අඬනවාදෝ කියන සැකේ හිතට එනකොට.. ඒ මූණ දිහා බලන්න ඔලුවවත් හරවගන්න බැරිව මම විනාඩියක් දෙකක් එහෙමම උන්නෙ හැම අතින්ම මාවත් අසරණ වෙද්දි උනත්. ..එක පාරටම එහා පැත්තෙන් ක්ලික් හඬක් එක්ක ඩිම් ලයිට් එකක් පත්තු උනෙත්...  මාව තද කරගෙන හිටපු ජින්ගෙ අත ටිකක් ලිහිල් වෙනව දැනුනෙත් එකම මොහොතක වෙද්දි මම ඒ ක්ෂණිකෙන්ම එතනින් අයින් උනෙත් එකම මොහොතක වගේ...

💕🌙 MOON in the My SKY... 🌙💕 Where stories live. Discover now