🌙🌙8th Moon : Safe Travels...✈️✈️

31 3 17
                                    

ඒ අතේ රස්නෙ මගේ නිකටට ඕනවටත් වඩා දැණුනද මන්දා...මම හිටියෙ වතුරෙන් ගොඩ දාපු මාලුවෙක් වගේ ගැහෙනගමන්.. කෝට් එක ගුලි කරගෙන පුලුවන් තරම් වෙව්ලන එක අඩු කරගන්න ට්‍රයි කරන ගමන්.. උගුර වේලිලා ගියේ එක තත්පරේට... හරියට නිකම් කාන්තාරෙක දවස් බර ගානක් වතුර නැතුව හිටියා වගේ... ඇස් තද කරගෙන ඉන්න හිතුවත් මට ඇස් ඇරලා බලන්නත් හිතුණා...ඒත් ඉතින් ඊට වඩා මට මතක් උනේ එයාලා යන්න හදන්නෙ කියන එක...ඒ ඇස් වල එල්ලිලා මේ මොහොත අමතක කරගන්න අමාරු වෙයි කියන බයටම මම ඇස් ඇරල බලන්න ආව ආසාව හිතේම තියාගත්තා..
" මයි ඩියර් කැමේලි... මේක හීනයක්.  ඒ හීනේ ඔයාට හුඟක් බර එකක්.. මේ තත්පරේදි මොනව උනත් ඒක හීනයක් විදිහට අමතක කරන්න ඊළඟ තත්පරේ ඔයාට සිද්ධ වෙනවා.. ඒ නිසා අමතක කරන්න ලේසි වෙන්න.. ඔය හිටිය වගේම ඉන්න.  මේ මොහොත විඳලා.. අතෑරලා දාන්න.. ඇස් ඇරලා එයා ගියාට පස්සෙ හීන ලෝකෙන් බැහැලා ආයෙ පරණ ජීවිතේට යන්න.. කීප් ඉට් අප්.."
මගේ හිත කවදාවත් නැති දීල නැති විදිහේ සීරියස් ඇඩ්වයිස් එකක් මට දුන්නා.. ඉතින් ඒ හින්දම මම එහෙමම ඇස් වහගෙන හිටියා..  හිතුව තරම් සැහැල්ලුවට නැතත්, මම සැහැල්ලුවෙන් ඕනම දේකට රෙඩි වෙලා මුලු ඇඟේම බර හේත්තු වෙලා හිටපු බිත්තියට දීලා හේත්තු උනා.. මම, මගේ සිතුවිලි එක්ක තර්ක කරලා තත්පරේකට පස්සේ ඒ හුස්ම රස්නෙට මගේ අපර් ලිප් එකේ වැදෙනවා මට දැණුනා.  හැබැයි ඒ එක්කම වගේ කාගේ හරි ෆෝන් එකක් රිංග් උනා... කාගෙ හරි නෙවෙයි ඒක ජින්ගේ ෆෝන් එක වෙන්න ඕනෙ.. මොකද මගේ ෆෝන් එකේ රිගින් ටෝන් එක ජින්ගේ Abyss සෝන්ග් එක.. ඒකත් එක්කම අර,දැණුන රස්නෙ නැති වෙලා ආයෙ ඒ සී එකේ සීතල මට ලාවට දැනෙන්න ගත්තා.. ඒ කියන්නෙ ඒ. සී එක කැඩීලා නෑ.  මාව තමා හොට් වෙලා තියෙන්නෙ...

"කියන්න නම්ජූන්ආ.. මම එනවා ඉක්මනට..."

"................."

"එනවා.. එනවා මේ ඉක්මනට.. තත්පර දහයක් දෙන්න.. තාම හම්බුන්නෑ ඒක.."

".........................."

"අරස්සෝ... අරස්සෝ.. ඉන්න මම එන්නම්.."

මම හෙමිහිට ඇස් ඇරලා නෝමල් වෙන්න
ට්‍රයි  කරද්දි ජින් මගෙන් ඈත් වෙලා මගේ දිහත් බලනගමන් උත්තර දුන්නෙ කලබලෙන්.. මම ලොකු හුස්මක් අතෑරලා සැහැල්ලු වෙන්න හැදුවත් බිත්තියෙන් ඈත් වෙලා හිටගන්න තරම් ගටක් මට තිබ්බෙ නෑ.. තේරුණ විදිහට ජින්ට කෝල් එක ආවේ නම්ජූන් ඔප්පගෙන්... කෙට් කතා බහකට පස්සෙ කෝල් එක ඉවර,කරලා කට් කරන ගමන් ආයෙමත් ජින් ආවේ මගේ පැත්තට... මම බිත්තියට හේත්තු වෙලා දාගෙන හිටපු ෂූ එකෙන් හොස්පිට්ල් එකේ බිම, ටයිල් එක හූර හූර බිම බලාගත්තත් මම දිහාට දාපු ඒ බැල්මට මගේ හිත හීරිලා ගියේ එක තත්පරෙන්... ආයෙමත් හිත නොසන්සුන් වෙනවා වගේ දැනෙනකොට මම බිම බලාගත්තත් මට පෙණුන විදිභට ඒ නයික් ස්නිකර්ස් දෙක නැවතුණේ මගේ කකුල් දෙක ගාවමයි... මම ගාවට ආව ජින්, එක පාරටම ඇඳගෙන හිටපු ඩෙනිම් ෂෝට් එකේ සාක්කුවට ඔබාගෙන හිටපූ මගේ ෆෝන් එක ඇදල ගත්තෙ ඇහිපිය ගහන වේගෙන්..

💕🌙 MOON in the My SKY... 🌙💕 Where stories live. Discover now