24 කොටස

1.8K 381 148
                                    

"කෝ දැන් ඔය ඇති තුරුල් වෙලා හිටියා... ඇඳුමක් දාගෙන පහළට ගිහින් නංගිටත් එන්න කියන්න කෑම කන්න... කෙල්ල බඩගින්නේ ඇත්තේ...."

දවල් මාවත් අවුස්සලා උඩට දුවන් ආපු කේශූ අන්තිමේ මගේ ඇඳ උඩින් නතර වෙද්දී ඒකගේ දඟකාරකම් එක්ක වෙලාව ගෙවිලා ගියේ මගේ හිත මටම තරවටු කරද්දී...

"අගී.... නංගි මොනා හරි කියනකන්ම ඉන්න හොඳද... දන්නවනේ එයාගේ හැටි... "

බෙඩ් සීට් එක පටලවන් ඇඳෙන් නැගිටින ගමන් කේශු කියද්දී මම ඒකට හා කියලා ඔලුව වැනුවත් අනිත් අතට හිනා ගියේ කේශුගේ වැඩ වලට...

"මොකද මිනියෝ හිනා වෙන්නේ??"

මට රවලා කේශූ අහද්දී මම ඒකව අතින් ඇදලා මගේ ඔඩොක්කුවෙන් වාඩි කරව ගත්තා...

"උඹෙත් වෙලාවකට පුදුම කැටයම් තියෙන්නේ බං...."

"ඇයි???"

"නෑ ඉතිං වෙන වෙලාවල් වලට ඔහේ නිකන්ම හෙලුකොට්ටෙන් ඇඳෙන් බැහැලා යනවා... ඒකට අද බලපන්කෝ... මහ මිනිහ වගේ බෙඩ් සීට් එකත් පටලවන් ඇඳෙන් බහිනවා...."

මම තද කරලා එයාව තුරුල් කරන් හිනා වෙවීම කියද්දී කේශූ මගේ දිහා බැලුවේ රවලා...

"ඇත්තමයි අගී... ඔයා වල් වෙලා.... ඒ දවස් වල කිව්වේ නම් කොහොමද.... ඔයා තාම ඉස්කෝලේ යන ළමෙක් කේසූ... අපි අපේ ලිමිට් වල ඉන්න ඕන... එස්සෑම් ඉවර වෙනකන් කිස් එකකින් එහා නොගිහින් ඉමු.. යැයි යැයි තමයි... ඒකට දැන්... බලනවා මට එක විනාඩියක්වත් පාඩුවේ ඉන්න දෙනවද කියලා.... "

මාවත් තල්ලු කරලා නැගිටින ගමන් එයා කියද්දී මම කරේ එයාව තව අවුස්සපු එක....

"දැන් මෙහෙම නම් ඔයාගේ එක්සෑම් ඉවර උනාට පස්සේ මේ මගෙන් බේරුමක් නම් නැති වෙයි කේශූ..... හරිද.... "

ඇහැකුත් ගහලා මම කියද්දී ඒකා මටත් ගස්සන් බාත් රූම් එකට යනකොට මම එහෙමම බිම වැටිලා තිබ්බ මගේ ෂෝටත් දාගෙන ෆෝන් එක ඔබන්න පටන් ගත්තා....

"කෝ... හේලි එන්නේ නැද්ද??? "

මමත් හෙමීට වොෂ් එකක් දාගෙන ඉවර වෙලා පහළට ඇවිත් කෑම මේසෙන් වාඩිවුනේ කේශූ හේලිව එක්කන් එන්න යද්දී...

Lost Control (Zhanyi) ✅Where stories live. Discover now