A/n - මට විශේෂයෙන් කියන්න දෙයක් නෑ. ආතල් එකට ලිව්වේ .ඒත් වැඩේ කොර වුණා වගේ දැනෙනවා.
Bl කතා වැඩිය ලියලා නැති හින්දා අවුල් යයි. තරහ වෙන්න එපා ඉතින්👀
●●●●
Jungkook- ඒයි පොඩි එකා මගේ Banana Milk එකට මොකද කරේ?😤
Jeongin- Hyung මම ඒක ඇල්ලුවෙවත් නෑ. ඇත්තමයි මම කියන්නේ.🙁
Jungkook- මල්ලි උඹ ඒක බිව්වනම් බිව්වා කියපන්. දන්නවනේ මගේ හැටි😤
Jeongin- නැති හින්දනේ කිව්වෙ. දවසක් ඒක බීලා වෙච්ච දෙයින් මං ඒකක් දිහා බැලුවෙවත් නෑ🙁
Jungkook- ඔහොම යමුකෝ. ඉන්නකෝ මන්ම අල්ලගන්න. පලයන් ඉස්කෝලෙට
Jeongin- හරි hyung
කියලා එයා ඇවිදගෙන ගියා. Jungkook එයාගේ මල්ලි යන දිහා බලාගෙන හිටියා. එයාටම පස්සේ හිතුණා එයාගේ මල්ලි නෙමෙයි ඒක කරන්න ඇත්තේ කියලා. ඒත් එයා කාටවත් කිව්වෙ නැතුවට එයාගේ හුඟක් බඩු දන්නෙම නැතුව නැති වෙලා තිබුණා. එයා ඒ ගැන එයාගේ ඔම්මට කියන්න ගියේ නැත්තේ මල්ලි ඒවා ගන්න ඇති කියලා හිතලා. ඒත් ඇත්තටම ඒක නෙමෙයි වුණේ. එයා ඒක දන්නේ නැති හින්දා මල්ලි ව සැක කරන්න ගත්තා.
ඒත් එයා ආපහු කාමරේට යනකොට තමයි දැක්කේ එයාගේ යටකලිසම් ඔක්කොම ටික නැති වෙලා කියලා. එතකොට නම් පොරට දෙලෝ රත්වෙන්න ගත්තා.
Jungkook- *මල්ලි ඉස්කෝලෙ ගිය හින්දා එයා මගේ යටකලිසම් ඉස්සුවා වෙන්න බෑ. මොකාද ඒ වගේ ජරාවැඩක් කරන්නේ? එකක් හරි තියන්න තිබ්බනේ. ඇයි මේකා ඔක්කොම ගත්තේ? දැන් මන් මොකද කරන්නේ. පරක්කු වුණොත් අර ලෙක්චරයා මගේ ඔළුවම කයි *
කියලා පොර හිත හිත ඉන්නකොට පොර අප්පගේ කාමරේට ගිහින් එකක් අරන් ඇඳලා බැලුවා. ඒත් ඒකට උඩින් කලිසම අඳිද්දී ඒක පිම්බිලා තියෙන හින්දා ඒ වැඩේ හරිගියෙත් නෑ. ඊටපස්සේ පොර තව එකක් ගත්තා ඒකේ හැමතැනම හිල්. කොහොමහරි අන්තිමට එකක් ඇඳගෙන යන්න බලද්දී ඒක ඇතුළේ නලියන්න ගත්තා.
පොර ඒ පාර Toilet එකට ගිහින් බලද්දි තමයි දැක්කේ ඒකේ කූඹි කියලා.
අන්තිමට පොර කරන්න ම දෙයක් නැති තැන මල්ලිගේ කාමරේට ගියා. ඊටපස්සේ එයාගේ Size එකට හරියන කලිසමකට තිබ්බේ රෝස පාට එකක්
YOU ARE READING
丂乇乇 ㄚㄖㄩ 卂ᘜ卂|几|| Taekook x Minsung || BL
Fanfictionඅවුරුදු 1000 කට කලින් ආදරේ කරලා එකතු වෙන්න බැරි වෙච්ච දෙන්නෙක් වෙනම ආත්මෙකදි හම්බුණොත් මොනවා වෙයිද?