Jungkook ට එදා රෑ ආයෙමත් අර ඩබල හීනෙන් පෙනුණා. ටේටත් වෙනසක් නෑ
ඒ දෙන්නා ඒ වෙනකොටත් පැනලා ගිහින් තිබුණේ. එයාලාට චේජු වෙනදා වගේම උදව් කරා. ඒත් ඩොන්ග් වුක් එක්ක ඒ වැඩේ කරන්නත් ලේසි වුණේ නෑ. ඒක වෙනම කතාවක්
Han - අපි රජාට බාර වෙමු
Lee Know - තමුසෙට පිස්සුද?
Han - මෙහෙම මේක කරගෙන යන්න පුළුවන්ද? රජාට අපි දෙන්නම ඕනනේ
Lee Know - ඒ යකාට රජා කියන්නවත් වටින්නෑ
Han - මම දන්නවා. ඒත් ඌ රජානේ
එයාලත් මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුව හෙන අවිනිශ්චිත ගතියකින් හිටියා. ඒක එයාලට හැමදාම වගේ තිබ්බ දෙයක්.
Lee Know - ඒත් මට බෑ උඹව රජාට දීලා බලාගෙන ඉන්න. මට රජාට බාරවෙන්න ඕනත් නෑ
Han - ඒත් අපි මොකද කරන්නේ. එයා ජෝසන් වල රජා
Lee Know - කුමන්ත්‍රණය කරමු. කොහොමත් මාළිගාවල වෙන්නෙම කුමන්ත්‍රණනේ
Han - කුමන්ත්‍රණය කරන්නත් කට්ට්ය ඉන්න ඕනනේ. ඔයාගෙ පැත්තට ඉන්නෙ කවුද? ඔක්කොම ඉන්නෙ අගබිසවගෙ පැත්තෙ
Lee Know - ඇයි මම උප බිසවගෙ පුතා වුණේ. ඒ මිනිහ ඉස්සෙල්ලම බැන්දෙත් මගෙ ඔම්මව
Han - ඔයා එයාගෙම පුතාද? මට ඒක සැකයි
මින්හො ජිසන්ග් දිහා හොදටම රවලා බැලුවා. එයාට හොදටම තරහ ගියා ඒකට
Han - මම කිව්වෙ ඔයා ඇත්තටම එයාගෙ පුතා නම්. එයා ඔයාට මෙහෙම කරයිද? හරි අප්පෙක් එයා මොන වගේ කෙනෙක් වුණත් එයාගෙ ළමයට ආදරෙයි.
Lee Know - මගෙ අප්පා හරි අප්පෙක් නෙමෙයි. එයා පොඩි කාලෙ මන් දිහා බැලුවෙවත් නෑ
Han - මට ඔයාව තේරෙනවා. අපිට මෙහෙම හැමදාම පැනලා යන ගමන් ඉන්න බෑ. රටේ මිනිස්සුන්ට ඔයාව ඕන.
ඇත්තටම මාළිගාවත් කැළඹිලා හිටියෙ මින්හො පැනලා ගියපු එකට. අගබිසව හැදුවෙ ඒකෙන් තමන්ට වාසියක් හදාගන්න. උපබිසව බයේ හිටියෙ මින්හොගෙ ඇත්ත කතාව එළිවෙයි කියලා
ඒ වගේම ඩොන්ග් වුක්ට එයාලා දෙන්නම පාවිච්චි කරලා එයාගෙ ආසාවල් සංසිදවගන්න ලොකු ආසාවක් තිබ්බා.
BINABASA MO ANG
丂乇乇 ㄚㄖㄩ 卂ᘜ卂|几|| Taekook x Minsung || BL
Fanfictionඅවුරුදු 1000 කට කලින් ආදරේ කරලා එකතු වෙන්න බැරි වෙච්ච දෙන්නෙක් වෙනම ආත්මෙකදි හම්බුණොත් මොනවා වෙයිද?