කාලයක් ඒ දෙන්නා ඔහේ ජීවිත ගත කරන ගමන් හිටියා. දෙන්නට දෙන්නා තිබ්බ වලි අඩු කරගත්තා

අඩු කරගත්තා කිව්වට චුට්ටම චුට්ටයි ඉතින්. ගෑනියි මිනිහයි වගේ රණ්ඩු වෙන එක එයාලගෙ හැටිනේ.

මින්හො ට ඕන වුණේ කොහොමහරි රජ වෙන්න. එයා ඒකට චේජු ව මරලා දාන්න වුණත් ලෑස්ති වෙලා හිටියා

ඒ වගේම එයා හන්ට හොරෙන් ආදරේ කරා. එයාට ඕන වුණා රජවෙච්ච දවසක ඉතිහාසෙ වෙනස් කරන්න එයාව බැදලා

එයා ඩොන්ග් වුක් තරම් වල් නැතුවට එයා හන්ට ඇත්තටම ආදරේ කරා

මුලදි එයාට ඒක තේරුණේ නෑ. ඒත් පස්සෙ තමයි එයාට තේරුණේ එයා පොරට දැක්ක දවසෙ ඉදලම ආදරේ කරා කියලා

එයාට ඒක හන් ගෙ මූණටම කියන්න ඕන වුණා. ඒත් එයාට ඒක කියන්න තරම් ධෛර්යයක් තිබ්බෙ නෑ ජෝසන් වල අනාගත රජා වෙන්න හිතාගෙන හිටියට

Han - මොනවද ඔච්චර කල්පනා කරන්නේ

Lee Know - Wook ව මරන හැටි

Han - මරන හැටි නෙමෙයි ජීවත් වෙන හැටි ඉගෙනගනින් ඉස්සෙල්ලම

Lee Know - තමුන් මේවට විදවයි මම අනාගත රජා වුණ දවසට

Han - හුම් මම බයවෙයි ඕවට. කළගුණ දන්නෙ නැති එකා රජවෙන හැටි පේනවා

Lee Know - අර රාගෙට තැන දීපු රජා මැරෙනකන් මට වත් උඹටවත් නිවී සැනසිල්ලෙ ජීවත් වෙන්න බෑ

Han - හුම් ඒකනම් ඇත්ත. ඇත්තටම ඔයා එයාගෙ පුතාද?

Lee Know - මට ගරු කරපන් මමයි මෙහෙ අනාගත රජතුමා

Han - ඔයා ගරු කරන්න වටින කෙනෙක් නෙමෙයි ඔබතුමා

පොර එහෙම කිය කිය නක්කලේට හිනාවුණා. මින්හොට ටිකක් ටිපර් වුණා. විහිළුවට නෙමෙයි හන් පොරගෙ නම්බුව නින්දින විදිහට බම්බුවට දාන හින්දා

Lee Know - තමුන් මේවට වන්දි ගෙවයි හන් ජිසන්ග්

Han - මට එතකොට ඇතිවෙන්න සල්ලි තියෙයි වන්දි ගෙවන්න

කියලා පොර පණ එපා කියලා හිනා වෙවී විහිළුවට දිව්වා. මින්හො එයා පස්සෙන් පැන්නුවා. ඒත් පොරට භාගයක් දුවද්දි හති දැම්මා. හතියයි තරහයි ආදරෙයි එකට එකතු වෙච්ච හැගීමක් පොරට ඇවිත් තියෙන හින්දා ඒක පාලනේ කරන්න බැරුව

Lee Know - අපි මේක අදම බේරගමු

Han - ඒමද ගොන්වහන්සේ

කෙනෙක්ට ආදරේ කරද්දි ඒ කෙනා කරන අපහාස දරාගන්න පුළුවන් වෙනවා කියලා මින්හොට තේරුණේ එතකොට

හන් ඉනේ තිබ්බ කොපුවෙන් කඩුව ගත්තා. මින්හොත් අනික් පැත්තට ඒක ගත්තා.

ඊටපස්සෙ ඉතින් දිඩිං බිඩිං ගාලා කඩු සටනක් ගියා. මින්හොට හන් වගේ කෙනෙක් එක්ක ගහගන්නවා කියන්නෙ එච්චර ලොකු ගේමක් නෙමෙයි

හන් ටත් එයා එක්ක ගහගන්න ඒක ලොකු ගේමක් නෙමෙයි. එයත් ඒ තරමට දක්ෂයි.

ඒකෙ ප්‍රතිඵලයක් විදිහට එතන විශාල වලියක් ගියා. දෙන්නා උණ ගස් තියෙන කැළෑවක ගහගත්ත හින්දා ඒ කැළෑවට විශාල විදිහට අලාභ හානි සිද්ධ වුණා

දෙන්නට දෙන්නා ලේසියකට පැරදුණේ නෑ උණ බම්බු සී සී කඩ විසිරුණු සිතුවිලි වගේ කඩු පාරවල් වලට විසිරිලා ගියා

දෙන්නම යටිගිරියෙන් බෙරිහන් දුන්නා කොරියාවටම වලිය ගැන කියන්න වගේ.

හන් මින්හො ට ළංවුණා එයාව යටත් කරගන්න හිතාගෙන. ඒත් මින්හො කියන්නෙ කට්ට කෛරාටික වෙට්ට පිත්තල රාජ කුමාරයෙක්

ඉතින් පොර එයාගෙ මැටි මොළේ පාවිච්චි කරලා

Lee Know - සෙබළු ඇවිත්. අපේ අවසානය අත ළගයි

හන් මින්හො ගෙ උගුලට ගොනා වගේ අහුවෙලා අනික් පැත්ත බැලුවා. මින්හො පොරව ළගට ඇදලා ඇරගෙන නළලට නළල තියාගත්තා

Han - ඔබ උමුතුවෙන්ද?

Lee Know - එහෙමයි නුඹ මාව උන්මන්තකයෙක් කරා ජිසන්ග්. මම ඔබට ප්‍රේම කරනවා.

Han - කවදා ඉදලද

Lee Know - කවුරු දනීද

ඊටපස්සෙ පොර තත්පරයක් වත් අපතේ අරින්නෙ නැතුව හන් ව ආදරණීය විදිහට සිපගත්තා. ඒක රාගෙට නෙමෙයි. හන් මුලදි කම්පනේට පත් වුණාට එයත් ඒකට ක්ෂණික ප්‍රතිචාර දුන්නා

ඒත් එයාලගෙ ආදර කතාව ගලාගෙන යන්න හුගක් බාධාවල් එනවා කියලා දෙන්නටම මොහොතකට අමතක වුණා

To be continued...

丂乇乇 ㄚㄖㄩ 卂ᘜ卂|几|| Taekook x Minsung || BLWhere stories live. Discover now