Jungkook රෑට නිදාගද්දි Minsung ඩබල kiss කරපු එක එදා හීනෙන් දැක්කා
එදා විතරක් නෙමෙයි පොරට හැමදාම ඒ වගේ හීන පෙනුණා. ඒත් පොරට රෑට පේන එක හීනයක්වත් මතක නෑ. මොනා කරන්නද ඒ තරමට සැපට පොර නිදි
එදා අතිශය හදිසි අවස්ථාවකට පොර ට මහ රෑ යක්කු ගස් නගින වෙලාවට වැසිකිළියට පාත් වෙන්න වුණා. චූ බර ට බැණ බැණ පොර ඒකට ගියා
පොර කලිසම බාගෙට ගලවලා කොමඩ් එක උඩ ඉදගත්තා. එතකොටත් පොරට බාගෙට ඇස් පියවිලා එතනත් නිදි.
නිදියන ගමන් බහිස්ස්‍රාවී පද්ධතියෙයි ආහාර ජීර්ණ පද්ධතියෙයි කෘත්‍ය ටික වැසිකිළියට භාජනය වුණා
එතකොට පොර බීඩි ෂවර් අතට ගත්තා නිදිමතට ඒක කකුල් දෙක අස්සට වැටුණා.
එතකොට තමයි පොර පියවි සිහියට ආවේ ලොකු වේදනාවක් එක්ක. ඒ වේදනාව දන්නෙ පිරිමිම විතරයි
හරියට ගෑනු අයට විතරක් ආර්තවේ වේදනාව තේරෙනවා වගේපොරට ඒ වේදනාව ආවෙ හීනෙ මින්හො හන් ව kiss කරද්දිමයි
ඒ වගේම එතන තව වැඩක් වුණා. සෝහා ට Jeongin නැතුව ඉන්න බැරි හින්දා පොරගෙ ගෙදරට හොරෙන් ම පැන්නා.
තාප්පෙන් පනිද්දි හෙන ගේමක් දුන්නා පොඩ්ඩක් වම් කකුල උළුක්කු වුණා ඒක වෙනම කතාවක්
එයාගෙ වාසනාවට එයාගෙ ලව් එක හිටියෙ පහළ කාමරේ. ඒකත් කූරු නැති ලොකු ජනේලයක් තියෙන තැනක. එයාට ඉතින් එච්චර ලොකු ගේමක් නැතුව කාමරේට රිංගුවා
කුකියගෙ මලයත් කොට්ටෙ බදාගෙන නිදි. එයාට ගාවම සෝහා තුරුළු වුණා. කොල්ලා එයාව බදාගත්තා. කොල්ලගෙ කනට කෙල්ල
Soha - baby නැගිටින්න මම ආවා
කොල්ලට ඒක ඇහිලා ආපු නින්දත් නැත්තටම නැති වුණා. එයා ආපු සතුටට කෙල්ලව බදාගත්තා
Jeongin - මේක හීනයක් නේද?
Soha - නෑ මේක ඇත්තක් ළමයෝ. මට ඔයා නැතුව කොහොමත් ඉන්න බෑ
Jeongin - ඔයා කොහොමද මෙහාට ආවේ
Soha - ඒවට වෙනම plan මගෙ ඔළුවෙ තියෙනවා
Jeongin - ඒත් ඔම්මා දැක්කොත් ....
කෙල්ල කොල්ලගෙ තොල් වලට බරවුණා. එතකොටම කුකියා චූ කරලා ඇවිත් එයාගෙ මලයා නිදිද නැද්ද කියලා බලන්න කාමරේ දොර ඇරියා
අර දෙන්නා ඒක දැක්කෙ නෑ. Soha Jeongin ගෙ බෙල්ල හපාගෙන ගියා.කොල්ලා ත් ඒකට හරියන්න කෙදිරි ගෑවා. කෙල්ල එයාගෙ පිට ගාවට අත ගෙනියද්දිම
Jungkook - අහම් මේ ලව් බර්ඩ්ස්ලා මේක ඒකට වෙලාව නෙමෙයි
එතකොට තමයි ඒ දෙන්නා කුකියව දැක්කේ. Soha ට මල පැන්නා. එයා ආපු chance එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න ආවේ
ඒත් ඒ දෙන්නම තාම ඉස්කෝලෙ යන දෙන්නෙක්. ඒක හින්දා කුකියට ඒක නවත්තන්න වුණා. බැරි වෙලාවත් කෙල්ල pregnant වුණොත් පොරගෙ මලයට යන කල දසාව ගැන හිතලයි එයා එහෙම කරේ
Jungkook - කෙල්ලෙ තාම ඔයයි මගෙ මල්ලියි ඉස්කෝලෙ යන ළමයි. ඒක හින්දා ඔයාලට හැගීම් පාලනය කරගන්න වෙනවා.
Soha - තමුන් මගෙ බබා ගෙ ඔප්පා වුණෙ නැත්තම් බලාගන්න තිබ්බා මගේ හැටි
Jungkook - මේ නම්ගි ඔයා ගෙ බබා හැමදාටම මගෙ මල්ලි බබා. ඔයා Top වුණත් ඒකෙන් pregnant වෙන්නෙ ඔයා. ඔයාලට දැන්ම ළමයි හදන්න බෑනෙ
Soha කොල්ලට ආදරේ හින්ද ම ආපු හැගීම් පාලනය කරගත්තා. ඒත් එයා කොල්ලගෙ මූණ හොදටම kiss කරලයි වැඩේ නැවත්තුවේ
Jeongin ට නිදිමත හින්දා එතනම නින්ද ගියා. Soha එයාව ආයෙත් kiss කරා
Jungkook - I'm so sorry Soha. ඒත් මට දැන් කරන්න දෙයක් නෑ
Soha - මට තේරෙනවා ඔප්පා මම දැන් යන්නම්
Jungkook - මම ඔයාව ගෙදරට දාන්නම්. කෙල්ලෙක් ව තනියම රෑට යවන්න බෑ
පොර එහෙම කිව්වට යටි හිතේ ටේ ව බලන්න ලොකු ආසාවක් තිබ්බා
To be continued...,
YOU ARE READING
丂乇乇 ㄚㄖㄩ 卂ᘜ卂|几|| Taekook x Minsung || BL
Fanfictionඅවුරුදු 1000 කට කලින් ආදරේ කරලා එකතු වෙන්න බැරි වෙච්ච දෙන්නෙක් වෙනම ආත්මෙකදි හම්බුණොත් මොනවා වෙයිද?