❤️ Chapter 18 💚

48 8 0
                                    

.
.
.

'Yibo..........'

එයාගෙ කටහඬට ඔළුව උස්සලා එයා දිහා බැලුවම තමයි Yibo ට මතක් වුනේ එයාව බදාගෙන ඉන්න එක. කල්පනාවෙන් මිදිලා එයාගෙ අත් දෙකෙනුත් ගැලවිලා මීටරයක් විතර එහාට ගිය Yibo දිහා Zhan බලන් හිටියෙ කොන්ෆියුස් වෙලා.

'මල්ලි....මොකද මෙහෙ කිව්වොත්?'

දිගු නිහඬතාවය බිඳින්න Zhan ඇහුවෙ Yibo ට පචයක් ගොතාගන්නවත් සිහියක් නැති වෙද්දි.

'අහ්.....සොරි.....මම......මේ...........'

'ඔයාට කරදරයක් වුනාද??'

'නැ....නැ......මුකුත් වුන්නෑ...'

'මුකුත් වුන්නෑ වෙන්න බැහැනෙ....කවුද පස්සෙන් ආවෙ?....'

'මං.....දන්නෑ......'

'ඒ මිනිහා කොයි වෙලේ ඉදන්ද ඔයාගෙ පස්සෙන් එන්න ගත්තෙ?'

'මං....මේ බිල්ඩිම ගාවට එද්දි...'

'මූණ දැක්කද? කොයි වගේද?'

'අහ්....මං දැක්කෙ නෑ මූණ.....හැරෙද්දි හිටියෙ නෑ....'

'ඔයා මෙහෙට ආවෙ appointment එහෙකටද?'

'අ....නෑ....'

'එහෙනං?....කොහොමද ඇතුල් වුනේ site එකට?'

'................'

'Yibo.....'

'ඕ......'

'කොහොමද ආවෙ?'

'පයින්.'

'ඒක නෙවෙයි ඇහුවෙ....'

'ඔව් ඔව් දන්නවා....'

'එහෙනං කොහොමද ආවෙ කියන්න?'

'තාප්පෙන් පැනලා....'

'මොකක්???'

Zhan ට බකස් ගාලා හිනා ගියේ ශොක් වුනාත් එක්කම.

'හොරෙන්ද ආවෙ??'

'ම්ම්.....'

'ඇයි ඒ?'

'ආසාවට...'

'මේ......ආවෙ හොරෙන් නං ඉතින් ගාඩ් කෙනෙක්ද දන්නෙත් නෑ follow කලේ...ඒත් ගාඩ් කෙනෙක් නං එතනම කෑ ගහල කියනව නවතින්න කියලා...කවුද ඒ මිනිහා කියලා ඔයා මූණවත් දැකල නෑනෙ ඉතිම්...'

'හ්ම්...'

'ආ තව දෙයක්...'

'ම්ම්??'

Memories Bring Back YouOnde histórias criam vida. Descubra agora