.
.
.
.'Wuxian.....ඔබ නැවතත් දිය උල්පතට ගියාද?'
පියාගෙ දෙපා ඉදිරිපිට දණ නමන් Wuxian හිටියෙ බිම බලාගෙන.... ඔහු පිළිතුරු දුන්නෙ සීතල හඬකින්....
'ඔව්..... මම ගියා..... කුමක්ද දැන් ගැටලුව?'
'තමුන්ට මා කොතරම් කියා ඇත්ද??? ලැජ්ජාවක් නැතිව එය අසන හැටි!.... දිය උල්පතට නොයා සිටීම අපගේ නීතියක්... ඒත් තමුන්....'
'දිය උල්පතෙහි කිසිඳු අනතුරක් මට සිදු වුණේ නැහැ. පියාණන් මා ගැන වද වීමට අවශ්‍ය නැහැ. මාගෙ නිදහස මට ලබාදෙන්න.'
'තමුන්ට තවමත් නොතේරෙයිද??? තමුන් තමයි Wei වංශයේ අනාගත උරුමක්කරු! තමුන්ට අනතුරක් සිදු වුවහොත් Wei වංශයේ අනාගතය විනාස වෙලා යනවා!'
'මට තවමත් නොතේරෙන්නෙ කුමන හේතුවකටද දිය උල්පත මා හට තහනම් කර ඇත්තෙ කියා...... අග්නිය අපගේ බලය වුවත් දිය පොදක් ස්පර්ශ කළ නිසා එය අපගේ ජීවිතයට හානියක් වන්නේ නැහැ... එසේ නොවේද...පියාණෙනි?'
බිම බලාගෙන හෙමින් ඒත් සීතලව එහෙම කිව්ව Wuxian ඔළුව උස්සලා බැලුවෙ පියා ගෙ මූණ දිහා.
Wuxian කියන්නෙ Wei වංශයෙ අනාගත උරුමක්කාරයා. ඔහු ගෙ චරිතය සීතල වෙන්නෙ පියා ඉදිරිපිට විතරයි. ඔහුට ඒත් යාළුවො කියල ඉන්නෙත් තමාගෙ සේවකයන් හා ආරක්ෂකයන් විතරයි. ඔහු පිටතින් අහංකාර, කුරිරු චරිතයක් පෙන්නුම් කළත් ඔහු හදවතින් බොහොම ආදරණීය, සැලකිලිමත්, කාරුණික, අවංක වගේම බුද්ධිමත් චරිතයක්.
STAI LEGGENDO
Memories Bring Back You
Fanfiction... 'ඔබ කොහෙ සිටියත්... කොහෙ සැඟවුනත්... කුමන ස්වරූපයකින් සිටියත්... මා නුඹ සොයා පැමිණෙමි... දැන් නුඹ මා හැර ගියත්... අප නැවත ආයෙ මුණගැහේවි.... ඊළඟ ආත්මයේදී... මට ඔබ ව හමුවේවි....' ........................... .............................. ❤️💚✨