"ආ... මේ අපේ පතල්කාරයා නේද? හරි පැනපන්... වන්... ටු... ත්‍රී..."
එදිරිසිංහගේ විධානයට අනුව දෑතින්ම කඹේ බදාගෙන මම වලෙන් එගොඩ වීමි.
"වෙරි ගුඩ්" ඔහු සාර්ථකව *ටාසන් රෝප් බාධකය තරණය කරන්නන් හට එලෙස ප්‍රශංසා කළ ද ඔහුගේ අති දුෂ්කර පුහුණුවෙන් පීඩිත අපට ඉන් කිසිදු ගැම්මක් නොලැබුණි. නමුත් ඔහු හව් මොරාල් යැයි අසන සෑම විටකදීම කුමන රෙද්දක මොරාල් එකක්වත් නොමැති වුවත් අප හයි මොරාල් යැයි කෑ ගසන්නේ එලෙස නොකළහොත් තිබෙන අමාරුව දෙපිටින් යන්නට ඔහු දඬුවම් ද නියම කළ හැකි බැවිනි. එම නිසා කරකියාගත දෙයක් නොහැකිව අප සියල්ලෝම පිස්සන් සේ ඔහු බලාපොරොත්තු වන පරිදි කෑ ගසන්නෙමු.
බාධක තරණයට පෙර අයියා අප අධීක්ෂණය කිරීමට පැමිණ සිටියේය. මිය යාමට ආසන්නව පන අදින අයෙකු සේ පුශ් අප්ස් ගසමින් සිටි මම ඒ අවස්ථාවේදී මහත් සේ අනුකම්පා උපදවන බැල්මක් අයියා වෙත පෑවෙමි. අප සියල්ලන්ම මහත් වෙහෙසකින් පසුවන බව මගේ බැල්මෙන් හොඳින් හඳුනාගත් අයියා එදිරිසිංහ වෙත ගොස් සරදමට මෙන් "අම්මෝ බං උඹ මුන්ව මරවනවනේ... දැන් ඇති නේද පුශ් අප්ස්" එදිරිසිංහ එය අනුමත කරමින් හිස සැලූ විට එසැනින් අයියාව බදාගෙන සිපගැනීමේ බලවත් ආශාවක් මා හට ඇති විය.
((ඔයා නම් දෙයියෙක් අයියේ... මගෙ බැල්මෙ බලේ තමා ඉතින්))
නමුත් අපගේ අහිංසක සන්තෝෂයේ ආයු කාලය එතෙකින් නිමා කරමින් එදිරිසිංහ අන කළේ පුශ් අප්ස් අවසන් බැවින් දැන් සිට් අප්ස් සඳහා සූදානම් වන ලෙස ය. මරන්න ගෙන යන හරකෙකු සේ ඉතාමත් අසරණ ලෙස අයියා දෙස බැලූ මම බොරලු පොලොවේ උඩු බැලි අතට වැතිරුනේ සිට් අප්ස් සඳහාය.
"මං කිව්වේ අදට මේ ඇති කියලා බං. තවත් කළොත් මුන් මැරෙයි" අයියා අප වෙනුවෙන් කතා කළේය. "උඹට පිස්සුද බං? මුන්ගේ ෆිසිකල් හොඳටම බැහැලා තියෙන්නේ... උඹ මෙච්චර කල් මුන්ව හුරතල් කරලා... මෙහෙම කොහොමද යුද්ද කරන්නේ? මුන්ව ෆීල්ඩ් එකට දාපු ගමන් මැරිල වැටෙයි" එදිරිසිංහ ඔහු අසල සිටි චාරුකගේ හිසට පහරක් එල්ල කරමින් පැවසුවේ ය.
((ඈ බොල මිනිහෝ... අපි ඩොක්ටර්ස්ලා... අපි යුද්ධ කරන්නෑ... උඹලට බෙහෙත් දානවා මිසක්!!! අනික මෙහෙම මැරෙව්වොත් යුද්දෙට අරන් යන්න වෙන්නෙ අපේ මලමිනි ටික තමයි... මෝඩ එදිරිවාදියා!!!))
YOU ARE READING
මෝෆින්
Romanceසතුට සිදී ගිය, නිදහස පලා ගිය, ඝාතනය කළ සිහින වලට පණ දෙන්නට අර අදින, සාමයේ පිපාසාවෙන් පීඩිත වූ සමාජයක ප්‍රේමයේ දිය බිදක පහස සොයමින් අවිනිශ්චිතතාවයේ හා මරණ බියේ ආධිපත්‍යයට යටත්ව ඔහේ උඩ බලාගෙන සිටින්නට සිදුවන කාලයක් අපටත් උදා වූයේ කාටත් නොදැනී නමුත් ඉත...