8

112 9 11
                                    

"කොටි! කොටි! දුවපල්ලා! දුවපල්ලා! දුවලා පණ බේරගනිල්ලා!!!"

අපි එක්වරම තෘෂ්නිම්භූත වී ගියෙමු. සියල්ලන්ගේම ඇස් ගෙඩි ලොකු විය. මුලු බස් රථයම මොහොතකට වේගවත් සුසුම්වලින් පිරී ගියේය.

"ඉක්මනට බැහැලා ගිහිල්ලා කොහේ හරි ඩවුන් පලයල්ලා!!!"

එදිරිසිංහ වියරුවෙන් මෙන් බෙරිහන් දුන්නේය. අපි හැමෝම පිස්සන් කොටුවට බෝම්බ ගැසුවාක් සේ බුරුතු පිටින් බසයෙන් බිමට පැන පාර දෙපස වූ ඝන කැලෑවේ පඳුරු අස්සට වී තැන තැන බිම වැතිරී වෙපන් එක පාර දෙසට මානා ගෙන සිටියෙමූ.

මගේ හදවත වේගයෙන් ගැසෙයි. එය මගේම කනට ඇසෙන තරම් ශබ්දයෙන් මොර දෙන්නේය. මේ දකින්නේ සිහිනයක්ම වේවායි දෙවියන්ට යදිමින් මම මගේ අත කොනිත්තා ගත්තෙමි. මගේ පෙර කළ මහත් පාපයකට, එය සිහිනයක් නොව, එය සැබෑවකි. මම මෙතන වැතිර ගැහෙන හදින් යුතුව බිරාන්ත වී සිටින්නේ සැබෑවටමය.

ටිගර් එක මත ඇති මගේ දබරැඟිල්ල වෙව්ලමින් නටයි. කන දෙපසින් දහඩිය ගලයි. ඇසට කදුලු පිරෙයි. මගේ හදවතට කිසිත් නොනැගෙයි. මන්ද යත්, එය බියෙන් පිරී ඇත. තවත් කිසිදු සිතිවිල්ලකට ඉඩ නොදෙමින් එය තවත් බියෙන්ම පිරී ඉතිර යමින් කදුලු ලෙස මගේ ඇස් වලිනුත් දහඩිය ලෙස ගතිනුත් ගලා යයි. මගේ කෙල සිඳුනු උගුර ඇකිලි ගියේ මට හුස්ම ගැනීම පවා අපහසු කරවමිනි. .

එක්වරම කොහේදෝ සිට බිය වී දුව ආ වසන්ත මගේ ඉදිරිපසින් බිම වැතිර ගත්තේය. ඔහුගේ මුහුණ සුදුමැලි වී ගොසිනි. අනෙක් සියල්ලන්ගේම ද එසේය. මගේද එසේ වන්නට ඇත.

මේ සිදුවන්නේ කුමක්දැයි තවමත් අප සැමටම සිහිනයක් වැනි ය. අපි තවමත් මූලික යුද හමුදා පුහුණුව ලබන ආධුනික වෛද්‍ය සෙබළුන් වෙමු. පුහුණුව අවසාන වන්නටත් පෙරම අත්විඳින මේ මූසල හා බියකරු අත්දැකීම අපිට බරපතල වැඩිය.

අවට ගස් කොලන් ද තම අතු නොසෙල්වමින් අප සේම හුස්මක්වත් නොනගා මේ සිදුවෙන්නට යන බිහිසුණු වෙඩි හුවමාරුව දැක බලා ගැනීමට දැන් තියාම සූදානම්ව සිටී.

වෙඩි හුවමාරුවක්?

ඔව් වෙඩි හුවමාරුවක්!

ආමි එක කිසි විටෙක සතුරාට පලා යන්නට නොදේ. දහස් ගණන් අහිංසක මිනිසුන් ජාති භේදවලින් තොරව අනුකම්පා විරහිතව වයස අවුරුද්දක පමණ කිරි සප්පයාගේ සිට ඔහුගේ සුරතල් සිනා බැලීම වෙනුවෙන්ම තම හුස්ම වැටුණු වයස අවුරුදු අසූවක අනූවක පමණ මහල්ලාගේ දක්වා සමූල ඝාතන කළ සතුරන් හට කිසි දිනෙක නැවත එම අපරාධයන් සිදු කළ නොහැකි කරමින් ඔවුන්ව අල්ලා ගත යුතුය.

මෝෆින්Where stories live. Discover now