05. සිව්වන කොටස

310 49 2
                                    

මම දන්නේ නෑ මගේ හිත ඇයි පිරිමි කෙනෙක් වෙනුවෙන් පිස්සු නැටුවේ කියලා....

නමුත් අද ඔහු නිසා මගේ දරුවා සතුටින්...

මම ආදරය කළා ඔහුට... මගේ දරුවව බලන්න යන හැම මොහොතකම මම දකින්නේ හිනා වේවි එයාගෙම දරුවෙක් වගේ මගේ දෝණිව බලා ගන්න එයාව...

එයා නොහැදුවත් ඇත්ත අම්මටත් වඩා එයා පිට දරුවෙක් උන මගේ දරුවව ආදරෙන් බලා ගත්තා...

ඉතිං අද දරුවගේ අම්මා වගේම දරුවගේ තාත්තාගේ සහකාරයා එයා...

මං දන්නේ නෑ එයා වගේ අයට ඇයි මිනිස්සු මෙච්චර ගරහන්නේ කියලා..
එයා පිරිමි ළමයින්ට කැමති එක වරදක් නෙමෙයි...
ලෝකයටම සම්මතයක් උනත් සමලිංගිකත්වය හණමිටි අදහස් තියෙන්න සමාජයට ඒක විස කටුවක් වගේ...
මට හිතා ගන්න බැරි ඇයි මිනිස්සු අදාළ නැති දේවල් ම කියවන්නේ.. තමන් අකමැති දේවල් අනිත් මිනිස්සු කරනකොට ගරහන තරමක් ඉන්නේ මේ සමාජේ. තමන්ගේම ජාතිය තමන්ගේ ම ආගමේ අය එක්ක රණ්ඩු වෙන මිනිස්සු මේ දේවල් වලට අපහාස නොකර ඉදිද...

මම වෛද්‍යවරයෙක් උනත් මං එක්ක වැඩ කරන මගේම අයට තිබුනෙත් ලොකු ප්‍රශ්නයක්... කොච්චර පරිණත උනත් කොච්චර වයසින් වැඩි උනත් මිනිස්සුන්ට සමහර දේවල් තේරුම් කරන්න හරි අමාරුයි..
හරියට මමයි නිතුම් දෙන්නා ඩේට් කරන එක ගැටළුවක් වෙලා තිබුන මගේම අයට තත්වෙ පැහැදිලි කරනවා වගේ...

සමහර විට මිනිස්සු හොයන සමහර දේවල් සමාජය ගොඩ නගපු මති මතාන්තර වලින් හොයා ගන්න ගියොත් වැඩේ හරි අමාරුයි.

මගේ දෝණීට සෑබෑම මවක් වෙන කෙනෙක් මට හොයා ගන්න හරි අමාරුයි.... මං වෙනුවෙන් ගෑණු කෙනෙක් ආවා නම් මගේ දරුවව බලා ගන්නවා කියලා ඒ කවදාවත් මගේ දරුවට ආදරේ නිසා නෙමෙයි. එක්කො පෙනුමට සල්ලි වලට...

ඒත් නිතුම් ව මම ඊට වඩා අධ්‍යනය කළා...
එයා කිව්වේ,

" මහත්තයට මම කැමති... මම ඒක මහත්තයාගේ ඇස් දිහා බලාගෙන කියන්නේ ගොඩක් විශ්වාසයෙන්. මට පුළුවන් මහත්තයව බලා ගන්න. ඒ වගේම පුංචි සුරංගනාවිවත්... මට කමක් නෑ මහත්තයා මට අකමැති උනත්... ඒත් මට මහත්තයා මොන විදිහට සැලකුවත් මම මහත්තයාගේ දෝණීට දෙන්නේ මගේ හදවතින්ම දෙන සෙනෙහස ආදරය... "

මම එදා ඒ අවංක ඇස් වලින් දැක්කේ මගේ දුවට අම්මෙක් වගේ ආදරේ දෙන අවංක පිරිමියෙක්ව....

සෙනෙහසට කුමටද ලිංගයක් [ BL NON-FICTION ]✔️Where stories live. Discover now