මම ඔබතුමාගෙන් දෙයක් අහන්නද?
ඔව් අහන්න.
මම ඔබතුමාගෙන් ඇහුවොත් ඔබතුමා ඇයි ඔහුවම තෝර ගත්තේ දුවගේ මවට.
මොකද ඔහු සැබෑ මවකටත් වඩා මගේ දුවට දුන්න ආදරය නිසා.
ඉතිං ඔබතුමාට ඔබතුමාගේ කතාවේ ලස්සන අවසානයක් සැබෑවටම තිබුණාද...
මට දැන් අවුරුදු 89 ක්... ඔහු මිය ගියේ ඔහුට අවුරුදු 77 දී. මටත් කළින් ඔහු මිය ගියාට ඔහු මැරෙන තුරාවට මට ලබා දුන්න ආදරය, ඔහු මැරෙන තුරාවට ඔහුගේ නොවුනත් මගේ ලෙයින් උපන් දුවට ලබා දුන්න සෙනෙහස මට අද වගේ මතකයි....
මම තවමත් ඒ මතක අස්සෙ ජීවත් වෙනවා... මට සැනසීමේ ජීවත් වෙන්න ඒ ලස්සන මතක හොඳටම ප්‍රමාණවත්....
ඉතිං මගේ කතාවට ලස්සන අවසානයක් තියෙනවා... මොකද මම කවදා හරි මැරෙන්නේ හිත් තැවුලෙන්වත්, වේදනාවකින්වත් නොවන නිසා...ඉතිං ඔබතුමාට අන්තිමට කියන්න තියෙන්නේ මොකක්ද.
මම ඉරක් නම්
මා හැර ගිය ඇය සඳක් නම්
ඔහු මාසෙකට එක පාරක් පමණක් පායන පුරහඳක්..
YOU ARE READING
සෙනෙහසට කුමටද ලිංගයක් [ BL NON-FICTION ]✔️
Non-Fictionකිරට නොහැරුනත් රුධිරය අනේ මගේ කිරි ටික නොආවත් තනපුඩු වලින් මගේ උඹට දෙන්න ඇති කිරි මේ මගේ පපුවේ දරු සෙනෙහසට කිමදෝ ලිංගයක් අනේ උතුම් මව් පදවිය හැමදා ගෑණුන්ට නමුත් අගය නැත සමහර ගෑණුන්ට දරුවන් පාරේ දමා යන අද ගෑණුන්ට නැතිදෝ එන්නේ ස්නේහය ඔය හදවත් වලට ~ න...