දෝණියේ අම්මා උඹ දාලා ගිය දවසේ
දෝණිගේ පියා හැඩුවා හොඳටම වාගේ
කරන්නට කිසිත් නැත මේ සංසාරේ
මවක් උනා මම හැමදා උඹලාගේනැත මට ගර්භාෂයක් දරුවාව හදන්න
නැත මට යෝනියක් දරුවව බිහි කරන්න
නැත මට තනක් දරුවට කිරි එරෙන්න
ඇත මට සෙනෙහසක් මහා මෙරටම දෙන්නකිරට නොහැරුනත් රුධිරය අනේ මගේ
කිරි ටික නොආවත් තනපුඩු වලින් මගේ
උඹට දෙන්න ඇති කිරි මේ මගේ පපුවේ
දරු සෙනෙහසට කිමදෝ ලිංගයක් අනේඋතුම් මව් පදවිය හැමදා ගෑණුන්ට
නමුත් අගය නැත සමහර ගෑණුන්ට
දරුවන් පාරේ දමා යන අද ගෑණුන්ට
නැතිදෝ එන්නේ ස්නේහය ඔය හදවත් වලට~ නිතුම් සෙනෙහස් බණ්ඩාර
ලස්සන හැගීමකි හදවත් වල උපදින
උඹ දුන් ආදරය මට හොඳටම ඇතිය
පියෙකුට බරක් කෙළි පැටියක් රැක ගන්න
උඹේ ඔය සෙනෙහසම දෝණිට මහා මෙරය.කුලුදුල් තරුණයෙකි අද මා තනි වෙච්ච
දෝණිය පාරේ රෙදි කඩ උඩ තනි වෙච්ච
අප දෙදෙනට අහිමි සෙනෙහස හමුවෙච්ච
පිරිමි හදවතක් තව නැත නුඹ වාගේමඅන්නාසි ගැටයට බිළිදුන් මරනා මව් වරු අතර
සෙනෙහස දෙන්න බැරි සමහර මව් වරු අතර
දෝණිට සෙනෙහසක් වූ නුඹේ හදවත් පතුල
මැණිකකට සමයි අද උඹේ ඔය සෙනෙහස් ගගුල.ඉර පායන්නේ සැමදා උදයට වේය
හද පායන්නේ සැමදා සවසට වේය
පුරහඳ ඇත පෝදා හැම අහසකම
දෝණිගේ හදවතේ පෑයූ පුරහඳ ඔබය.~ මහීම් යෂ් වීරසිංහ
සෙනෙහසට කුමටද ලිංගයක්
ක්‍රිෂ්
05/08/23
YOU ARE READING
සෙනෙහසට කුමටද ලිංගයක් [ BL NON-FICTION ]✔️
Non-Fictionකිරට නොහැරුනත් රුධිරය අනේ මගේ කිරි ටික නොආවත් තනපුඩු වලින් මගේ උඹට දෙන්න ඇති කිරි මේ මගේ පපුවේ දරු සෙනෙහසට කිමදෝ ලිංගයක් අනේ උතුම් මව් පදවිය හැමදා ගෑණුන්ට නමුත් අගය නැත සමහර ගෑණුන්ට දරුවන් පාරේ දමා යන අද ගෑණුන්ට නැතිදෝ එන්නේ ස්නේහය ඔය හදවත් වලට ~ න...