06. පස්වන කොටස

287 46 2
                                    

මම ඔහු වෙනුවෙන් හිටියා.

ඔහු මම වෙනුවෙන් හිටියා.

අපි දෙන්නම අපේ දුව වෙනුවෙන් හිටියා.

සමාජය කතා හදයි... ඔවුන් ඒ දේවල් කියව කියව අපහස කරයි....

නමුත් මම සතුටින් නම් අනිත් මිනිස්සුන්ගේ බයිලා මොකටද මට....

මිනිස්සු කියන විදිහට තමන්ගේ ජීවිතේ ගොඩ නගා ගන්න ගියොත් සඳහටම වෙන්නේ තමන්ට දුක් විදින්න.

අපි නතර වෙන්න ඕනේ අපිට ආස දේවල් ළඟ.

අපි කරන්න ඕන අපිට හිතෙන දේවල්.

අපි කන්න ඕනේ අපි කැමති දේවල්.

අපි කරන්න ඕනේ අපි කැමති රස්සාව...

ඉතිං අපි ආදරය කරන්න ඕනේ අපි කැමති අපි අපිව තේරුම් ගත්ත කෙනාට...

තේරුම් ගත්ත තැන ගොඩනැගෙන්නේ විශ්වාසය.
විශ්වාසය මත ගොඩනැගෙන්නේ ලස්සන පවුලක්....

හරියට මගේ පවුල වගේ...

ජීවිතේ වරදිනවා... ජීවිතේට හරි අමාරු කාලයන් එනවා... ඒ හැමදෙයක්ම විද දරාගෙන ඉදිරියට යන්න පුළුවන් ලස්සන පවුලක් මට දැන් තියෙනවා...

නිතුම් සෙනෙහස් බණ්ඩාර

ඔහු මට තේරුම් කරේ එක් දෙයක් පමණක් නොවේ.....

ඔහු සෑබෑ මවක්...
දරුවව බිහි නොකරත්, කිරි නොඑරුනත්, සදහටම ඔහුගේ හදවතේ රැදුනේ නොවෙනස් වන දරු සෙනෙහසක්....

පෝය දාට පායන පුරහඳ වගේ. ඔහුත් කලාතුරකින් ජීවිත වලට එන පුරහඳ වගේ පිරිපුන් ආලෝකමත් හදවතක් හෙබි තරුණයෙක්... 🌕

සෙනෙහසට කුමටද ලිංගයක් [ BL NON-FICTION ]✔️Dove le storie prendono vita. Scoprilo ora