2061.12.05 LHC (Largest Hadron Collider) ජර්මනිය...

11 0 0
                                    

"මිනිසා විසින් වෙනස්වීමට අර්ථයක් ලබාදීමට "කාලය" ලෙස සංකල්පයක් ගොඩනැගීය... පසුව ඔවුන් ඔවුන්ගේ එම සංකල්පයේම සිරකරුවන් බවට පත්ව,ඔවුන්ගේම සංකල්පයන් අභිබවා යෑමට උත්සාහ දෑරීය."


LHC සමරු ඵලකය.

ඔහු තම රාජකාරි ස්ථානයට බැදී මාස 6 කට නොඅඩු කාලයක් වූව ද, තවමත් ඔහුගේ සිතෙහි මේ වචන පිලිබඳ අමුතු සැකයක් පිරී පවතී. වයස අවුරුදු 26 වූ මෙම තරුණ සේවකයා නමින් වරුන් අභිශේක් විය.ඉන්දියානු සම්භවයක් සහිත ශ්‍රී ලාංකිකයකු වූ ඔහු ඉතා අපහසුවෙන් තම කුතුහලය සංසිඳුවා ගැනීමට ජර්මනියේ වූ මෙම හාඩ්‍රෝන පර්‍යේෂණාගාරයේ රැකියාවක් සඳහා පැමිණියත්, ඔහුට ලැබුනේ ඔහු බලාපොරොත්තු වූ රැකියාව නොවීය.නමුත් ලැබුනු චාන්ස් එකෙන් ප්‍රයෝජන ගැනීමට ඔහු හපනෙකි.


ඔහුට පැවරුණු රාජකාරිය නම්, මෙම LHC හි සෑම පැය 6 කට වරක් සිදු කරන නඩත්තු කිරීම් සහ අලුත්වැඩියාවන්ට උදව් කිරීමයි.මෙයට හේතුව වූයේ පර්‍යේෂණාගාරය ක්‍රියාත්මක කර පසු එහි උපාංග අතුරුදහන් වී පර්‍යේෂ්ණාගාරය බිඳ වැටීමය.නමුත් කිසිවෙකු මීට හේතු දැක්වීමට් ඉදිරිපත් වූයේ නැත.නමුත් මොහු එක් දෙයක් දැන සිටියේය. එනම් මෙම පර්‍යේෂණාගාරය තුල හාඩ්‍රෝන ආලෝකයේ වේගය මෙන් 1.5 ගුණයක වේගයකින් ගමන් කරන බවය.


මෙම උපාංග අන්තරස්ධාන වීමට හේතුව මෙම අධික වේගය බව යමෙකු සැක කලේය. නමුත් කිසිවකුට එය ඔප්පු කිරීමට සාක්ෂි නොවීය.තාක්ශණයේ අරුමයන්ගෙන් පිරුනු 2061 දී උපකරණ නැති වීමට වඩා වැදගත් වූයේ මෙයින් සොයාගත් සොයාගැනීම්‍ ය.



ගුරුත්වාකර්ශනයට හේතුවන ග්‍රැවිටෝන සොයා ගැනීමද මෙමගින් සිදු වීය. තවද ක්වාක් මට්ටම අභිබවා යෑමට මේ වන විට ඔවුන් උත්සාහ දරමින් සිටී.ඒ ග්‍රැවිටෝන් ක්ව්න්ටම් භවුතිකයේ සොයාගත් මූලධර්මද සමගය.


නමුත් මෙම අත්දැකීම මෙම එකදු සොයාගැනීමක් වත් පිලිබඳ නොවේ. කිසිවකු අභියෝග නොකෙරූ දෙයකට අභියෝග වීමක් පිලිබඳ අහම්බයක් ගැනයි.




*********************


කාලයේ සිරකරුවා.Where stories live. Discover now