1901.12.06 නැවත යාමේ අදහස... අයින්ස්ටයින්ගේ නිවසේ සිට...

0 0 0
                                    

"එහෙනම් මම කුණු කානුවෙ ගෙයක් හඳන් ජීවත් වෙන්නම්"සිය 53 අදහසත් නිෂ්ඵල බව අයින්ස්ටයින් පෙන්වා දුන් පසු , වරුන් කුනු කානුවේ ජීවත් වීමට තීරනය කර ඇත.

නමුත් අයින්ස්ටයින් තම මිතුරා නැවට නිවස්ට යැවීමට ඕනෑම දෙයක් කිරීමට සූදානම්ව සිටී.

"පොඩ්ඩක් ඉන්න! ඔයා කිව්ව නේද ඔය LHC එකේ උපකරන අතුරුදහන් වෙනව කියල?"ඒ අයින්ස්ටයින්‍ ය.

"ඔව්"

"ඉතින් අපි ඒව හොයාගත්තොත් මට LHC එකට සමාන දෙයක් හදන්න බැරි වෙන එකක් නැහැ."

"කදිමයි, ඔය තියෙන්නෙ අදහස්!! ආයෙ හොයන්න දෙයක් නැහැ මම හිටපු තැනම තමා ඒවත් තිබ්බෙ!!!"

"හොඳයි අපි එහෙනම් අදම ඒ කොටස් ටික ගෙදරට් ගේමු" අයින්ස්ටයින් කීවේය.

ඉන් පසු ඔවුන් දෙදෙනාම නැවතත් මේ අත්භූත සිදුවීම පටන් ගත් ස්ථානය කරා ගමන් ඇරඹීය. ඔවුන් මද වේලාවකට පසුව කුනු කානුව වෙත ලඟා වූහ.

දෙදෙනාම කානුවේ පියන ඉවත් කර කුනු කානුවට බහින්නට වීය.

"නියම තැනක තමා මේ LHC එක හදල තියෙන්නෙ" අයින්ස්ටයින් කීවේය.

"ඔව් ඒක නම් ඇත්ත." ඒ වරුන් ය.

ටික වේලවකට ඔවුන් LHC හි කොටස් සොයාගැනීමට සමත් වීය.

"නියමයි! මෙතන හිතුවටත් වැඩිය කොටස් තියනව!" ඒ වරුන් ය.

"ඔව් ඒත් අපි කොහොමද මේක ගෙනියන්නේ?"

"ඔව් ඒක තමා"

"අපිට දැන්ම මේක ගෙනියන්න බැහැ. අපි රෑට මේ වීදිය හිස් වුනාම මේ ටික ගෙනියමු"

"ඔව් , ඒත් මොකේද?"

"ඒකට මට අදහසක් තියෙනව, එන්නකො මාත් එක්ක" කියමින් අයින්ස්ටයින් නැවත කානුවෙන් පිටත බලා පිටත්වීය.

ඔවුන් වීදිය අසල වූ නිවසක් බලා පිටත් වීය.පසුව ඔවුන් එම නිවසෙහි වූ අයින්ස්ටයින්ගේ මිතුරෙකු හමු වීය.ඔහු සතුව ලොරි රථයක් වීය. නමුත් එය මේ වන විට නගරයෙන් පිටත වීය එම නිසා එය ඔවුන්ට කාර්‍යට ගැලපෙන වේලාවටම ලැබෙනු ඇත.

එතෙක් ඔවුන් දෙදෙනා කානුවේ තිබෙන ද්‍රව්‍ය පරීක්ෂා කිරීමට එම වේලාව යොදා ගැනීමට සිතා ගත්තේ ය.

*********************

කාලයේ සිරකරුවා.Hikayelerin yaşadığı yer. Şimdi keşfedin