"මොකක්" අයින්ස්ටයින් කෑ ගැසුවේය.
යන්ත්‍රය ක්‍රියාත්මක වූ නමුත් වරුන් අතුරුදහන් වී නැත!
"මොකක්ද මේ වුනේ, හිතන්න අයින්ස්ටයින් හිතන්න" අයින්ස්ටයින් තමාටම කියා ගත්තේය.
"මොකක්ද වුනෙ තාම 1901 ද?"
"ඉන්න මේ කොටස් ටික ඉක්මනට ගලවන්න." අයින්ස්ටයින් කීවේය.
"මේව සේරම කොටස් කරල ලොරියට දාන්න." අයින්ස්ටයින් නැවත කීවේය.
"මොකක්?" වරුන් කීවේය.
"ඉක්මනට අපිට වෙලාවක් නැහැ, මං යන ගමන් කියන්නම්" අයින්ස්ටයින් කීවේය.
ටික වේලාවකට පසු සියල්ලම නැවත ලොරි රථයට පිරවීය. පසුව වරුන් රථය පනගැන්වීය.
"යමු කුණු කානුවට" අයින්ස්ටයින් කීවේය.
"හරි" වරුන් දැන් අයින්ස්ටයින් කියන ඕනෑම දෙයක් කිරීමට සූදානමින් සිටී.
"මට හිතෙන්නෙ ඇපල් ගෙඩිය වගේ නෙමෙයි, ඔයා එත්න ඉදන්ම ඉදිරියට යන්න ඕනෙ.ඔයාට කාල අවකාශයේ සම්පූර්ණ කරන්න දෙයක් තියෙන්න ඕනෙ. ඒකයි මේ." අයින්ස්ටයින් කීවේය.
"හරි" ඒ වරුන් ය.
පැය කීපයකට පසු ඔවුන් නැවතත් කුනු කානුව අසලට පැමිනියේ ය. පසුව ඔවුන් යන්ත්‍රය එකලස් කිරීමට පටන් ගත්තේ ය.
"හරි සේරම අවසන්" අයින්ස්ටයින් කීවේය.
"අපි දැන් ආයෙ බලමු එහෙනම්, ඔයාට බොහෝම ස්තූති යි මේ උදව් වලට" ඒ වරුන් ය.
"ඔයාට උදව් කරන්න ලැබීම සතුටක් මිත්‍රයා සුභ ගමන්!"ඒත් සමගම අයින්ස්ටයින් යන්ත්‍රය පනගැන්වීය.
පෙර සේම විශාල ආලෝකයක් නිකුත් වීය.
*********************
YOU ARE READING
කාලයේ සිරකරුවා.
Science Fiction"මිනිසා විසින් වෙනස්වීමට අර්ථයක් ලබාදීමට "කාලය" ලෙස සංකල්පයක් ගොඩනැගීය... පසුව ඔවුන් ඔවුන්ගේ එම සංකල්පයේම සිරකරුවන් බවට පත්ව,ඔවුන්ගේම සංකල්පයන් අභිබවා යෑමට උත්සාහ දෑරීය." LHC සමරු ඵලකය