අවට ආලෝකයක් නොවීය.නමුත් එහි නොතේරෙන පැහැයක් විය.තවදුරටත් වරුන් කෙනෙකු නොවීය.මේ ක්වන්ටම් අවකාශය යි.LHC විසින් වරුන්ගේ ශරීරයේ වූ හාඩ්රෝන එයට වෙන්කල හැකි කුඩාම ඒකක වූ ක්වාක් දක්වාම බිඳ දමා ඇත.නමුත් තවමත් මෙහෙ වරුන්ගේ දැනීම දැත. මෙම වරුන්ගේ අංශු වලට ක්වන්ටම් ලෝකයේ විවිධ ගුණ දැනීමට පටන් ගෙන ඇත.
නමුත් ඔහුට නැත්නම් මෙම අංශූන්ට ඒවා හුරු නැත. මේ වන එවාට ගුරුත්වාකර්ශනය වෙනුවට කාලය දැනීමට පටන් ගෙන ඇත.කාලයේ නැමීමෙහි වූ ගුහාවකට වැනි දෙයකට ඔහු ඉබේම ගමන් කරයි.මෙය ඔහුට නුපුරුදු තාලයේ ඇද ගැනීමකි.නමුත් 2061 දැනුමින් වුවද පැහැදිලි කල නොහැකි හේතුවක් නිසා වරුන්ගේ ශරීරයේ හාඩ්රෝන වලින් වෙන් වූ අංශු අතර තවමත් විකාර වූ බැඳීමක් තිබේ. එනම් මේ සියලු අංශු එක් ආකාරයකට හැසිරෙයි.
ක්වන්ටම් අංශු විකාර නටන්න විය, ඒවාට කාලයේ වූ නැම්මට බියක් වැනි දෙයක් දැනෙමින් ඇත. වැරදි කෙනාගෙ හාඩ්රෝන එක්ක හැප්පෙන්න ගිහින් ක්වන්ටම් අවකාශයම පිස්සු නටමින් සිටී . එම් අංශු එලියට දුවන්නට විය. ඒවාට කකුල් ලැබී ඇත්තාක් මෙන් ඒවා ස්තුටින් දුවපනී. නමුත් ඒවා ආයෙත් තවත් වලකට ඇදෙන්න ගත්තේය.
ඒත් සමගම ක්වන්ටම් අංශු වලට අධික සීතලක් දැනෙන්න විය. ඒවා එකට ගුලි වෙමින් නැවත එක්වෙමින් පවතී.*********************
YOU ARE READING
කාලයේ සිරකරුවා.
Science Fiction"මිනිසා විසින් වෙනස්වීමට අර්ථයක් ලබාදීමට "කාලය" ලෙස සංකල්පයක් ගොඩනැගීය... පසුව ඔවුන් ඔවුන්ගේ එම සංකල්පයේම සිරකරුවන් බවට පත්ව,ඔවුන්ගේම සංකල්පයන් අභිබවා යෑමට උත්සාහ දෑරීය." LHC සමරු ඵලකය