ලොරි රථය රාත්‍රී 11 පමණ වන විට ලබා ගැනීමට හැකියාව ලැබුනි.වාසනාවට මෙන් මුලු නුවරම නින්දේ පසු වීය. ඔවුන්ගේ අනාගතයට යෑමේ මෙහෙයුම ආරම්භ කිරීමට කාලය පැමිණ ඇත.
“අපිට සිලිකන් ව්‍යුහ කීයක් ඔනෙ වෙන වෙනවද?” ඒ වරුන් ය.
“අවම 40 ක්”ඒ අයින්ස්ටයින් ය.
මද වේලාවකට පසු ඔවුන් සියල්ල පටවා හමාර වීය. මෙහෙයුමේ රහස්‍ය භාවය රැකීමට රියදුරා වෙනුවට වරුන් ලොරිය පැදීමට වීය. දෙදෙනාම මධ්‍යම රාත්‍රිය තුල නිවසට ලඟා වීය. මෙහෙයුම පසුවට කල් නොදමා නිවස පිටිපස තිබූ ගරාජයේ රෑ දෙගොඩ හරියේම ඔවුන් කුඩා LHC මූලාදර්ශයක් සෑදීම ආරම්භ කලේ ය. මුළු ලොවට හොරෙන් අයින්ස්ටයින්ගේ ගේ පිටිපස කාල යන්ත්‍රයක් හැදෙමින් පවතී.
“හරි , ඔයාගෙ අදහස මොකක්ද දැන්” වරුන් කීවේය.
“මෙහෙමයි, මුලින්ම මේ සිලිකන් ව්‍යුහ වලින් අපි ගොලයක් හදනව. සුපුරුදු විදිහට පාටිකල් ඇක්සලේටරේ , රික්තක ශක්ති නිපදවනය මැදින් තියනවා.එලියෙ තියෙන Q500 න් මේක පාලනය කරනවා. හැබැයි මේ පරිඝනකයෙන් මේකෙ වේගය අඩු කරන්න ඕනෙ. ඒක ඔයාට තමා කරන්න වෙන්නේ.”
“හොඳයි මම ඒක කරන්නම් මේක එකලස් කරන්න වෙන්නෙ ඔයාට.”
මේ පරිඝනක 2061 ඒවා වූවද , අතීතයේ කාමර තරම් විශාල පරිඝනක කේත කල අයුරින්ම මේවාද කේත කිරීමට සිදු වී ඇත. ඒ 2061 දී ද ක්වන්ටම් පරිඝනක කේත කිරීමට භාෂාවක් නොතිබූ බැවිනි. මන්ද එම භාෂා නිසා මෙවැනි පරිඝණක වල වේගය අඩු වන බැවිනි. එම නිසා වරුන් ට මොලය විකාර වට්ටන තරම් සියුම් ක්‍රියාවක් සිදුකිරීමට සිදුවී ඇත. නමුත් ඔහු මෙවාටම පුහුණු වී ඇති අයෙකි.නමුත් ඉතා කුඩා අත්වැරැද්දකින් වරුන් සදහටම කාලයේ සිරකරුවකු විය හැකිව ඇත.
*********************
JE LEEST
කාලයේ සිරකරුවා.
Sciencefiction"මිනිසා විසින් වෙනස්වීමට අර්ථයක් ලබාදීමට "කාලය" ලෙස සංකල්පයක් ගොඩනැගීය... පසුව ඔවුන් ඔවුන්ගේ එම සංකල්පයේම සිරකරුවන් බවට පත්ව,ඔවුන්ගේම සංකල්පයන් අභිබවා යෑමට උත්සාහ දෑරීය." LHC සමරු ඵලකය