1901.12.05 ගිවිසුම... අයින්ස්ටයින්ගේ නිවසේ සිට...

0 0 0
                                    

“හොඳයි , මේ තියෙන්නෙ මගෙ ගෙදර.” අයින්ස්ටයින්ගේ ගෙ තුලට ගිය මම එහි අසුනක වාඩි වීය.

“මෙහෙමයි මන් දැන් අනාගතෙන් ආපු නිසා මට ඇත්තටම ඉන්න තැනක් නැහැ. මම අද මෙහෙ ඉන්නද?”

“හොඳයි, ඔයා නැවත යන ක්‍රමයක් හොයාගන්නකන් මෙහෙ ඉන්න පුලුවන්.”

“ඒක තමා ප්‍රශ්නේ ඇත්තටම. මම ඇත්ත්ටම දැන් මෙහෙ හිරවෙලා”

“ඒකත් ඇත්ත , කමක් නැහැ මගේ බුද්ධියයි ඔයාගෙ තාක්ෂනෙයි පාවිච්චි කරල අපිට ක්‍රමයක් හොයාගන්න බැරි වෙන එකක් නැහැ.”

“ඔව්. මන් එහෙම බලාපොරොත්තු වෙනවා, එතකන් අපිට පුලුවන් සියවසේ හොඳම දැනුම් හුවමාරුව කරන්න.”

“ඔව් ඇත්තටම” අයින්ස්ටයින් සිනාවෙමින් කිව්වා.

එදින ඔවුන් දෙදෙනාම අනාගතයේ තොරතුරු එකිනෙකා අතර බෙදාගත්තා.ඇත්තටම කිව්වොත් වරුන්ට හොඳම ගුරුවරයකුගෙන් ගණිතය ඉගෙනීමට හැකි වුනු අතර, අයින්ස්ටයින්ට අනාගතය ගැන පසුව කීමට හොඳ අනාවැකි ටිකක් ද හමුවුනා.

“අවසානයෙන් මට ඔබට දෙයක් කීමට තිබෙනව.” වරුන් කීවා. මේ වන විට අයින්ස්ටයින් හා වරුන් හොඳ මිතුරන් බවට පත්ව තිබුනා.

“ඔව් කියන්න මිත්‍රයා.”

“ඔබ තරහක් නැත්නම් මට පොරොන්දු වෙන්න පුලුවන්ද මං නැවත පිටත් වෙනකන් මේ කිසිම දෙයක් හෙලිදරව් කරන්නේ නැහැ කියලා?”

“ඔව් අනිවාර්යෙන්ම.”

“එහෙනම් මම බලාපොරොත්තු වෙනව අපිට හෙට දවසෙ මේ ප්‍රශ්නෙට උත්තරයක් ලැබේවි කියල.”දවස නිමා කරමින් වරුන් කීව.

                                 *********************

කාලයේ සිරකරුවා.Where stories live. Discover now