තමාට මෙම ශ්‍රේෂ්ඨ පුද්ගලයා හමු වනු ඇතැයි වරුන් කිසි දිනක නොසිතන්නට ඇත. එයත් ඔහු විශේෂ සාපේක්ෂතාවාදය සොයාගැනීමට පෙර හමු වැතැයි නොසිතන්නට ඇත. නමුත් දැන් මොවුන් දෙදෙනාම එක්කම කාලරාමුවක ඉදිරියට ඇදෙමින් සිටී.
"හරි ඔයා කියන්නෙ ඔයා ජීවත් වුනේ 2061, ඒ කිව්වෙ ඔබ අනාගතෙන් පැමිනි අයෙක්."
"ඔව්"
"මට ඔය කියන LHC එක ගැන තව ටිකක් කියනවද?"
"මෙහෙමයි මට තේරෙන්නෙ නැහැ මේ දේවල් ඔබට කියන එක කාල අවකාශෙට මොන විදිහෙ බල පෑමක් කරයි ද කියල, ඒත් මෙහෙමයි මම කියන කිසි දෙයක් එක පාර සමාජෙට කියන්න එපා, මොකද එගොල්ලො හිතයි ඔයා පිස්සෙක් කියල.තව මන් හිතනව ඔය කොහොමත් දැනටමත් විද්‍යාව හදාරන කෙනෙක් නිසා ඔයට මේක තේරෙයි කියල"
"ම්ම් හරි, ඒත් පොඩ්ඩක් ඉන්න අපිට මෙතන ඉදන් යන්න වෙන්නෙ බස් එකකින් එන්න මාත් එක්ක"
"පොඩ්ඩක් ඉන්න අර තියෙන්නෙ ඔරලෝසු කණුවක් නේද? හරි හරි මන් හිතන්නෙ ම්න් මේක ගැන දන්නව."
හානි වූ පාපැදිය අලුත්වැඩියාවට දමා දෙදෙනාම බස් රථය වෙත ගමන් කරන්නට වීය.අයින්ස්ටන් වීදුරුවක් අසල අසුනක් වෙත යැවූ වරුන් ඔහුට අනිත් පසින් ඉඳ ගත්තේය.
" හොඳයි , මන් හිතනවා සාපේක්ෂතාව ගැන ඔයා දැනටමත් හිතල ඇති , ඉතින් සාපේක්ෂතාවෙ පියා ඔයා නිසා ඔයාම මට ඒක විස්තර කරන්නකො"
" අහ් එතකොට මම ද සාපේක්ෂතාවදයෙ පියා වෙන්නෙ! හොඳයි , මන් හිතන්නෙ ඔයා කියන්නෙ යමක වේගයකට හෝ වෙනත් රාශියකට අනුව තවත් දෙයක වේගය හෝ අනුරූප රාශිය ගැන විස්තර කරන එකට වෙන්න ඕනෙ, ඒ නම නම් ගැලපෙනව හොඳට. මෙහෙමයි, දැන් අපි ගමන් කරන බස් එක තියනවනෙ , ඒකට අනුව අපි අර පේන ඔරලෝසු කණුව ගත්තොත් එකෙ ප්‍රවේගය මට සාපේක්ෂව 0 යි. මොකද ඒක චලනය වෙන්නෙ නෑ.
හැබැයි අභ්‍යාවකාශෙ ඉදන් මේ ඔරලෝසු කනුව නිරීක්ශණය කරන කෙනෙක්ට අනුව මේකෙ ප්‍රවේගය වෙනස් වෙනව.ඉතින් ඒ වගේ අපි දකින ගොඩක් දේවල් එකිනෙකට සාපේක්ෂයි.මේක තමා සාපේක්ෂතාව කියන්නෙ."
"මන් හිතන්නෙ මේ වෙනකොට ඔයා ඔයාගෙ සාධාරන සාපේක්ෂතාවය ගැන ලිපිය නිකුත් කරල තියෙන්න ඔනෙ?"
"නෑ , මන් තාම එහෙම දෙයක් ගැන හිතලවත් නැහැ, ඒත් ඔයාගෙ අදහස නම් හොඳයි!"
"හොඳයි. මන් කියන දේ ගැන පොඩ්ඩක් හිතන්නකො , ඔයාට පේනව නේද අර ඔරලෝසු කණුව, පොඩ්ඩක් හිතන්න මේ බස් එක ආලෝකයේ වේගයෙන් ගමන් කරනව කියල ඔරලෝසුව කොයි විදිහට පෙනේ ද?"
"ඔරලෝසුව නැවතිල වගේ පේන්න ඔනෙ,නමුත් අපිට කවදාවත් ආලෝකයෙ වේගෙට වැඩියෙන් ගිහින් අපෙන්ම පිට වුන ආලෝක කිරණයක් පහු කරගෙන යන්න බැහැ, මොකද ආලෝකය අපි කොච්චර වේගයකින් ගමන් කලත් අපේ වේගෙට සාපේක්ෂව නියතයක්!"
"ඔව් ඔයා හරි නමුත් අපිට පුලුවන් සාමාන්යෙන් අපි ආලෝකයේ වේගය කියන 3108 තප්පරයට මීටර වේගයට වැඩි වේගෙකින් ගමන් කරන්න පුලුවන් නේද?"
" ඔව් අවශ්‍ය බලය තියෙනවනම් පුලුවන්."
" ඒවගේම මන් හිතනව ඔයා ආලෝකයේ වේගයට ටිකක් අඩු වේගෙකින් ගමන් කලොත් වෙන දේවල් ගැනත් හිතල ඇති කියල?"
"ඔව් මන් ඒ දේවල් ගැන ලඟඳී හිතන්න පෙලෙඹුනේ, අප් එහෙම වේගෙකින් ගියොත් අපේ කාලය ගත වීමේ වේගය සාපේක්ෂව වෙනස් වෙනව, ඒ වගේම අපේ දිගත් සාපේක්ෂව වෙනස් වෙනව."
"හ්ම්ම්, ඔව්. ටිකක් හිතන්න අපි අර ක්ලෛන් කියපු වේගය ඉක්මවා ගියොත් මොකක් වෙයිද?"
"ඇත්තටම කිව්වොත් , අපි කාලයේ ආපස්සට ගමන් කරන්න ඕනෙ!!"
"ඒකද ඔයාට වුනේ!!!"
"ඔව්, LHC එක කියන්නෙ පරමාණු ඉතා වේගයෙන් ගමන් කරවලා ඒව ඝඨ්ටනය කරවල ඒවගෙ අඩංගු වෙන දේවල් පරීක්ෂා කරනව, 2061 වෙනකොට අපි පරමාණුව බිඳල, එයින් ලැබෙන උප අණුත් බිඳල එවාගෙ අඩංගු අංශු නැවතත් බිඳල ඒව අධ්‍යනය කරන්න තරම් දියුණුවක් ලබා ගෙන තිබ්බ.
ඒ අධ්‍යනයන් කරන්න තමා ජර්මනියෙ කිලෝමීටර 0.5 පහලින් පිහිටුවල තියෙන LHC එක පාවිච්චි කරන්නේ. ඉතින් ඒක ඇතුලෙ පරමාණු මම කලින් කියපු වේගය වගේ 1.5 ගුණයකින් ගමන් කරවන්න හැකියාව තියෙනව. ඒකෙ උපාංග අධික වේගෙකින් ගමන් කරන නිසා ඒව කාලයේ ආපස්සට ගමන් කරනව.ඉතින් මම ඒක අලුත්වැඩියා කර කර ඉන්නකොට මුන් මාව ඇතුලෙ ඉන්නකොටම ඒක ස්ටාර්ට් කලා.
පස්සෙ කවදාවත් දැකල නැති පාටක් තියෙන අවකාශයක තිබුණු වලකට මාව වැටුන. පස්සෙ තමා මාව අර කාණුවෙන් මතු වුනේ."
"හොඳයි, මගෙ ප්‍රශ්න ගොඩකට උත්තර හම්බුනා , අපි දැන් මගෙ ගෙදරට ලඟට ඇවිත් නිසා ගෙදරට ගිහින් ම තව කතා කරමු"
*********************
ESTÁS LEYENDO
කාලයේ සිරකරුවා.
Ciencia Ficción"මිනිසා විසින් වෙනස්වීමට අර්ථයක් ලබාදීමට "කාලය" ලෙස සංකල්පයක් ගොඩනැගීය... පසුව ඔවුන් ඔවුන්ගේ එම සංකල්පයේම සිරකරුවන් බවට පත්ව,ඔවුන්ගේම සංකල්පයන් අභිබවා යෑමට උත්සාහ දෑරීය." LHC සමරු ඵලකය