2061.12.05 LHC (Largest Hadron Collider) ජර්මනියේ LHC පර්‍යේෂණාගාරයේ.

4 0 0
                                    

මං ආවා. ආ වරුන් අපේ ඊලඟ නඩත්තුව තව පැයකින් පටන් ගන්නව.මන් කියන කරුනු සිස්ටම් එකට දාන්න.ඒ හඬ ඔහුගේ ප්‍රධානියාගෙන්‍ ය.මනෝ ලොවක අතරමන් වූ වරුන් පියවි සිහියට පැමිනියේය.ආ හරි සර්.


හානි වූ කොටස් 105, දළ අලුත්වැඩියා කාලය මිනිත්තු 56, වියදම ඩොලර් 210 000 පර්යේශණාගාරය පවත්වාගැනීමට රජයට මුදල් කන්දක් වැය වීය.නමුත් මීට අන්තර්ජාතික වශයෙන්ද මුදල් ලැබුනි.ඒ මෙහි වටිනාකම නිසාය.නමුත් මෙම පර්‍යේශණාගාරයට කාලය තරම් වටිනා දෙයක් නොවීය.ඒ නිසා අලුත්වැඩියාව අවසන් වූ වහාම නැවත පර්‍යේෂණාගාරය් පැය 5ක් පමණ ක්‍රියාත්මක වෙයි.මේ කාලය තුල පර්‍යේශකයින් අවශ්‍ය දේ එකතු කරගනිති.


වෙලාව හරි , වැඩේ පටන් ගමු.ඒ ප්‍රධාන ඉංජිනේරුවාය.වරුන් පිරිසක් සමග LHC පර්‍යේශකයේ විශාල නලය කරා උමගකින් පොළොව තුලට බසින්නට විය.ඉතා විශාල ප්‍රදේශයක පැතිරී තිබූ මෙම උපාංගයේ විවිධ ප්‍රදේශ වල වූ කඩතොලු පිලිසකර කිරීමට කන්ඩායම වෙන වෙනම මෙය තුලට පිවිසෙන්නට විය .කිලෝමීටර 200 පමන පරිධියක් ඇති වෘත්තාකාර නලයේ වම් පස ඔහුට අදාල කොටස විය . ඔහු ඒ බලා පිටත් වීය.


වරුන් කඩිනමින් ඔහුට අදාල පදෙසට යොමු වීය. ඔහුට තව විනාඩි 30 පමණ කාලයක් විය.ඔහු ඒ තුල වූ සමචතුරස්‍රාකර සිලිකන් ව්‍යුහවල හිදැස් තිබූ තැන් පිලිසකර කරන්නට වීය.


ඔහු තම කටයුත්තේ අවසානයට පැමින සිටියේය.නමුත් ඔහුගේ ජීවිතය වෙනස් වන මොහොත ඔහු ලඟම වීය. ඔහු සිලිකන් ව්‍යුහ අතරින් වූ හිදස තුලින් දුටු දෙයින් පුදුමයට පත් වීය.


එම හිදැස තුල වාක්‍යක් වීය. මෙය ඔහුට දැක පුරුදු වාක්‍යයකි. "මිනිසා ඔහුගේ සංකල්පය තුලම සිරවීය".නමුත් ඔහුට මෙය කියවීමට වේලවක් වූයේ නැත. පසෙකින් විශාල කම්පනයක් දැනෙන්නට වීය. දෑස් නිලංකාර වීය.දැන් ඔහු කිසිදු මිනිසෙකු මින් පෙර නොවිඳූ අත්දැකීමක් විඳිමින් සිටී.




*********************



කාලයේ සිරකරුවා.Where stories live. Discover now