1901.12.05 ශ්‍රේෂ්ඨ හමුවීම... 20 වන සියවසේ ජර්මනියේ.. .

1 0 0
                                    

"මගේ දෙයියනේ! අයින්ස්ටයින්!!, මේ මොන අවුරුද්ද ද?"

"තමුසෙ කොහොම ද මගෙ නම දන්නෙ?" ඔහු සැකයෙන් මෙන් බලන්නට වීය.

"20 සියවසේ විද්වතාගෙ නම ඉතින් කව්ද දන්නෙ නැත්තෙ?" වරුන් වැඩේ පටලවා ගන්න පටන් ගත්තේය.

"20 වන මොකා? තාම 1904 මනුස්සයෝ!! නිදහසේ ගෙදර යන්න නැහැ, හහ්"

ඒ වන විටත් මුර සේවයේ යෙදී සිටි භටයින් දෙදෙනකු එ දෙසට පැමිනෙමින් සිටියහ.

"මොකද මෙතන වෙන්නෙ?" ඒ එක් මුර භටයෙකුය.

"මම පාරෙ යනකොට මෙකා කුනු වලෙන් මතු වෙලා පියන උඩට ඉස්සුව, මගෙ බයිසිකලෙ එකෙ වැදිල මාත් එක්කම ගුවන් ගත වුනා" අයින්ස්ටයින් කියන්නට වීය.

"එහෙමද , එනව පොලිසියට , තමුසෙගෙ ඇදුමත් හරි අමුතු යි!" භටයා කීය.

"විනාසයි" තමා තවම සිටින්නේ පර්‍යේශණාගාරයේ ඇඳුමින් බව ඔහුට එවිට මතක් වීය.

"ඉන්න , අයින්ස්ටයින් මම දන්නව ආලෝකයේ වේගයට වැඩි වේගෙකින් ගියොත් මොකද වෙන්නෙ කියල!" වරුන් අයින්ස්ටයින්ට කීවේය.

"ම මොකක්? ඉන්ස්පෙක්ටර් මට සමාවෙන්න මම චෝදනාව අයින් කරගන්නව.කරුනාකරල මොහුව නිදහස් කරන්න පුලුවන්ද?"

"හොඳයි , චෝදනාවක් නැත්නම් පොලිසියට ගෙනියන්න ඕනෙ නෑනෙ.මෙන්න" ඒ මුර භටයා ය. වරුන්ව නිදහස් කල ඔහු පිටත්ව ගියේ ය.

" එක: තමුසෙ කොහොම්ද මට මෙච්චර කාලයක් තිබුන ලොකුම ප්‍රශ්නෙ දන්නෙ?

දෙක:තමුසෙ මොකක්ද අර කුනු වල අස්සෙ කලේ?

තුන:ආලෝකයට වැඩි වේගයකින් ගියාම මොකද වෙන්නෙ?" අයින්ස්ටයින් අසන්නට වීය.

තමා එක් වරක් හෝ අයින්ස්ටන් පිලිබඳ කියවා තිබුනේ වාසනාවට යැයි ඔහුට සිතුනේය.

"ආලෝකයේ වේගයට වැඩි වේගෙකින් ගියාම මට වුන දේ තමා වෙන්නෙ!"

එවර වරුන්‍ ය.

"අතුරු ප්‍රශ්නයක්!"

"තමුසෙ පිස්සෙක්ද?"

*********************

කාලයේ සිරකරුවා.Where stories live. Discover now