නොහිතපු විදිහට ආසිගෙන් ඒ කොල්ලට කෝල් එක එන්නෙ කියල දැක්කම අපි ටිකට ඉහෙන් කනින් දාඩිය වැක්කෙරෙන්න ගත්ත.. මොකද මේ කොල්ල කවුරු උනත් ආසිගෙ කෙනෙක් කියල නම් දැන් හොදටම ස්තීර උන නිසා වගේම මම එදා ආසිට බැන්නෙත් මේ කොල්ල එක්ක නේද කියල මතක් වෙද්දි.. මට මැවිල පේන්න ගත්ත අර රැවුල් විල්ලනයා මගෙ ඔලුව පාර දිගේ පයින් ගගහ යන භයානක දසුනක් ඇස් ඉස්සරහ හරියට ෆිල්ම් එහෙක වගේ..
කියන්න ආසි අන්නා...
..............................
මම ගේ ලග ඉන්නෙ..
............................
හරි මම එයාව එක්කරන් එන්නම්..
මගෙ දිහා බලාගෙන ඒ කොල්ල එහෙම කියද්දි.. මම එක පාරටම අම්මගෙ අත තදින් අල්ල ගත්තෙ හිතේ ඇති උන බයට..
ෆෝන් එක කට් කරල අපි ලගට ආපු කොල්ල හීනියට හිනා උන විදිහ නම් මට එච්චර ඇල්ලුවෙ නෑ..
ඔයා කවුද ආසිගෙ..
මම එහෙම ඇහුවෙ හිතේ තිබ්බ දේ මේ කොල්ලගෙන් දැන ගන්න තිබ්බ උවමනාවටමයි..
තම්බි...
අහ්...
එක කුස උපන් සහෝදරය නම් නෙමෙයි.. ඒත් අපි දෙන්න පොඩි කාලෙ ඉදන් හැදුනෙ එකටමයි.. ඉතින් ආසි අන්න තමයි මට ඉන්න එකම සහෝදරය..
කඩවුලේ මෙච්චර වෙලා එතකොට මම කතා කරල තියෙන්නෙ ආසිගෙ සහෝදරය එක්කද..හරිනෙ සූර් හරිනෙ.. ඔය කට වරද්ද ගත්ත නම් දැන් ඉතින් ස්වර්ගස්ත වෙන්න ලැස්ති වෙයන්කො..
මම තවමත් මොකාද වගේ ඒ කොල්ල දිහා බලන් ඉන්න නිසාමද මන්ද.. ඒ කොලුව මගේ මූණ ඉස්සරහ අත එහාට මෙහාට කරල හිනත් වෙනවා..
හේයි ඔයාට මාව ඇහෙන් නැද්ද...?
අහ් ඕ...මොකද්ද ඔයා කිව්වෙ..
ආසි අන්න ඔයාව එක්කරගෙන එන්න කිව්ව.. ඉක්මනට යමුද නැත්තම් එයාට කේන්ති යයි..
පුහ් දැන් ඒ මිනිහට කේන්ති ගියාම අපිද පලි.. ගලවන්න ඕන ඔය මෝඩයගෙ රැවුල් ගහෙන් ගහ තණකොළ උගුල්ලනව වගේ...
යමු...යමු..
ගෙදර අයට ඇස් වලින් මම ඉගි කරා බයවෙන්න එපා කියල...ඒත් එයාල ගේ ලග හිටන් මන් දිහා බලාන ඉද්දි.. මම අර කොල්ල පස්සෙන්ම ආසිගෙ ගේ දිහාට ගියා...
YOU ARE READING
ආසි 💣 ( ✔️ )
Fanfictionඅපි අපේ නොවුනත් කමක් නෑ මට හැකියි නුඹට අවාරෙක සෙවනක් වෙන්න.........🌬️