34 කොටස ✴️

1.9K 309 28
                                    

ආහ්හ්හ්හ්හ්.............

බබා...මොකද මේ.....

කෑ ගහගෙන නැගිට්ට මම නිසා මගෙ එහා පැත්තෙ නිදන් හිටපු ආසිත් බය වෙලා නැගිටල හයියෙන් හයියෙන් හුස්ම ගන්න මගෙ පිට අත ගාන්න ගත්තා..

හබී....ඔයා...අපිව..දාල...ගියෙ....නෑ..නේද.....මම...මේ...හීනෙක...ද...ඉන්නේ.....

මම පිස්සුවෙන් වගේ එයාව දැකල එයාගෙ මුලු මූණම ඉඹින්න ගත්තෙ හිතට ලොකු සැනසීමක් දැනෙද්දි...

ෂ්ෂ්ෂ්ෂ්....ඒක හීනයක් විතරයි බබා............

එයා මාව තුරුල් කරන් හිස්මුදුනට හාදු දෙන අතර මගෙ කනට කොදුරද්දි මම ඉකි ගගහ අඬන්න ගත්තෙ...

මට බයයි....අපි මෙහෙ අතෑරල දාල වෙන රටකට යමු හබී.....

ඇයි...ඒ...

මම එයාගෙ පපුවට තුරුල් වෙලාම මේ රට අතෑරල දාල කොහෙ හරි යමු කියද්දි එයා කලබල නොවී හරිම සැහැල්ලුවෙන් මගෙ පිට අත ගගා කතා කරා..

අර තිරිසිනා ඔයාව මරල දාල අපිව මේ ලෝකෙ තනි කරල දැම්ම හැටි හීනෙන් මට පෙවු...නා....හබී.........

කවුද...........?

ආසි මාව එයාගෙන් ඈත් කරල මගෙ උරහිස් වලින් අල්ලගෙන කවුද කියල අහද්දි මම බිම බලාගෙන උත්තර දුන්නෙ...

රෙඩ්ඩි......

ඒක ඔයා විතරක් දැක්ක හීනයක් විතරයි චෙල්ලෝ.......

එයා මාව උස්සල අරන් එයාගෙ කකුල් දෙක අතරට ගත්තෙ මගෙ පිට එයාගෙ පපුවට හේත්තු වෙන විදිහට.. ඒ එක්කම එයා මගෙ බණ්ඩිය අත ගාන ගමන් හිටියෙ හරිම පරිස්සමින්...

රෙඩ්ඩි අපිට මේ ගෙවුන මාස හයටම දුන්නෙ පුදුම වදයක්නෙ හබී..ඉතින් ඔයා කොහොමද හිතන්නෙ එයා අපිට සැනසීමෙන් ඉන්න දෙයි කියල..........

අපිට මේ මාස හයටම ඇත්තටම රෙඩ්ඩි පුදුම කරදර ගොඩක් එව්වා..මගෙ තම්බි මුකේශ් එක්ක ගිය බයික් එක දැන් මාස දෙකකට උඩදි ජීප් එකක් ඇවිත් හප්පන්න හදද්දි මෙයාල බයික් එක කාණුවකට දාගෙන අනූ නවයෙන් ජීවිතේ බේරගෙන තිබ්බෙ..එතකොට අම්මා මාකට් ගිය වෙලාවෙ එයාගෙ පර්ස් එක කොල්ලො දෙන්නෙක් ඇදගෙන දුවල තිබ්බා..ඒ පස්සෙන් අම්මා දුවන්න ගිහින් එයා වැටිල දවස් දෙකකට වැඩිය ඇඳේ ඉන්න සිද්ද උනා මගෙ අහිංසක අම්මට..

ආසි 💣 ( ✔️ )Where stories live. Discover now