සූර් P.O.V
ගෙවුන දවස් තුනේම මම කරේ හැම රෑකම අඬපු එක.. ඉතින් ඊයෙ රෑත් ඇති තරම් කදුළු බීපු මට නින්ද යද්දි පාන්දර එකත් පහු උනා.. නින්ද අතර තුර හීනෙන් පවා මට අම්ම එදා අඬපු විදිහ මතක් වෙන්න ගත්ත නිසා මම ගැස්සිල ඇහැරුනාමයි දැක්කෙ එළියත් වැටිල කියල.. වෙනද අම්ම මම නැගිටින්න කලින් කෝපි එක කාමරේටම ගේනවා.. ඒත් එදයින් පස්සෙ අම්ම මගෙ කාමරේටවත් ආවෙ නෑ.. එයාගෙ ලස්සන හිනාව උදේට දකින්න නොලැබෙන එක ගැන හිතෙද්දි නම් මම හිටියෙ හිත හොදකින් නෙමේ.. හූල්ල හූල්ල ඇඳෙන් බැහැල ටවල් එකත් අරන් කාමරෙන් එලියට එද්දිම..
අහ් නැගිට්ටද උබ.. ඉක්මනට ලෑස්ති වෙයන් හොස්පිටල් යන්න..
අප්පා...මොනවද මේ කියවන්නෙ..මම මොන එහෙකටද හොස්පිටල් යන්න ඕන..
එදයින් පස්සෙ අප්පවත් මම නොදැක්ක නිසා මම හිතුවෙ හැමදේම ඉක්මනට විසදෙයි කියල...ඒත් අද උදේම අප්පව දැක්ක මගෙ මූණම අදුරු වෙලා ගියෙ වෙන්න යන දේ දන්න නිසා..පත්තරයක් කියව කියව හිටිය අප්ප කියපු දේට මටත් කේන්ති ගිය හන්ද මාත් අනිත් අතට කෑ ගහපු කෑ ගැහිල්ලට කුස්සියෙ ඉදල අම්මත් සාලෙට ඇවිත් මන් දිහා බලන් හිටියෙ කලකිරීමෙන් වගේ..
මට කියල කන පලාගන් නැතුව කියන දේ කරපන් කොල්ලො..නැත්තම් මේවට විදවන්නෙ වෙන්නෙ උබෙ අම්මට තමයි ..
දත් මිටි කාගෙන එහෙම කියපු අප්ප දිහා කේන්තියෙන් බලන් හිටපු මම අම්මගෙ මූණවත් නොබල බාතෲම් එකට ගිහින් ටැප් එක හයියෙන් ඇරගෙන සින්ක් එකේ ඔලුව ගහන් හිටියෙ හයියෙන් හයියෙන් හුස්ම ගන්න අතර..
මම පිරිමියෙක් එක්ක බුදිය ගත්ත කියල හිතන්න තරම් ගෙදර හැමෝම මාව මොන වගේ තත්වෙකටද දාල තියෙන්නෙ.. එයාල කොහොමද එහෙම මන් ගැන හිතුවෙවත්..
ඇයි කඩවුලේ අම්මවත් මාව තේරුම් නොගන්නෙ.. එකම එක පාරක් මන් කියන දේට ඇහුන් කන් දුන්න නම් මෙහෙම දොස් කියන් නෑ එක්කෙනෙක්වත් මට.. ඒත් අප්පා කියන බොරු කතා ඔක්කොම විශ්වාස කරල අම්මා විතරක් නෙමෙයි පාට්ටිත් දැන් මන් දිහා බලන්නෙ සතෙක් දිහා බලනවා වගේ..
YOU ARE READING
ආසි 💣 ( ✔️ )
Fanfictionඅපි අපේ නොවුනත් කමක් නෑ මට හැකියි නුඹට අවාරෙක සෙවනක් වෙන්න.........🌬️