( මුලින්ම කියන්න ඕන මේ චැපියෙ 18+ කොටස් ගොඩක් තියෙනවා.. මේ මොන බයිල කිව්වත් මම දන්නව හොරෙන්ම උයාල මේ කොටසම ආසාවෙන් කියවනවා කියල....😂😂 )
අමතක නොවන රාත්රියක් ගත කරපු මගෙ ඇස් ඉස්සරහ ජීවිතෙන් අඩක් මන් එක්ක හිටපු පවුලෙ අය අමු අමුවෙ පිච්චිලා අවසන් හුස්ම හෙලල කියල දැක්කම මොන මනුස්සයටද දරා ගන්න පුලුවන් වෙන්නෙ..
අම්මා, පාට්ටි, තම්බි මම පන වගේ ආදරේ කරපු තුන් දෙනෙක් මේ ලෝකෙ.. එයාල වින්ද දුක් එක්ක මම හීන මැව්ව ලස්සන ගේක තුන් දෙනාව තියල එයාලට කිසිම අඩු පාඩුවක් නොකර බලාගෙන මගෙ අම්මාගෙ පපුවෙ තියන ඔපරේෂන් එකටත් වේදම් කරල එයාවත් හොද කරගන්න හිතන් හිටපු මට අන්තිමට හැම හීනයක්ම බලාපොරොත්තුවක්ම සුනු විසුනු වෙලා ගිහින් එයාල මගෙ ඇස් ඉස්සරහට ඇවිත් තිබ්බෙ මළ කදන් වෙලා..
පපුව පැලෙන්න ආපු වේදනාවත් එක්ක මට එවෙලෙ මතක මගෙ ඉස්සරහ තිබ්බ හැමදේම බොද වෙලා යනව විතරයි..
හීන අස්සෙත් මට පෙවුනෙ මගෙ අම්මාවත් , තම්බීවත් , පාට්ටිවත් වෙද්දි මම එයාලට යන්න එපා කිය කිය පොළොවෙ හැපි හැපි ඇඬුවා.. ඒත් එයාල මන් එක්ක හිනා වෙලා මගෙන් ඈතින් ඈතට යන්න යද්දිම මාව ගැස්සිලා ඇහැරුනේ..
" අහ්.හ්.අහ්..හ්.. "
වේගෙන් ගැහෙන පපුවත් උස් පහත් වෙන මගෙ හුස්ම සද්දෙත් එක්ක ඇස් ඇරල මම ඇඳෙන් ඉදගෙන බැලුවෙ මම ඉන්න කාමරේ දිහා..
හුරු පුරුදු සුවඳ එක්ක හුරු පුරුදු කාමරේ අදුන ගන්න මට මහ ලොකු වෙලාවක් ගියෙ නෑ.. මම හිටියෙ ආසි මට තුවාල වෙච්ච වෙලාවෙ හංගන් හිටපු ගෙදර.. තවත් විදිහට කියනව නම් ආසිගෙ පොට් එකේ මම මේ ඉන්නෙ..
ඒත් එදා හිටපු සූර් නෙවෙයි අද ඉන්නෙ... දවසක් හරි ජීවත් වෙන්න හේතුවක් උන මගෙ පවුල නැතුව හදවතින් කඩා වැටිල හිටපු මම ඇඳෙන් බැහැල ගිහින් කණ්ණාඩි මේසෙ ඉස්සරහ හිටගෙන බැලුවෙ මගෙ සුදු මැලි වෙලා තියෙන මූණ දිහා..
කණ්ණාඩියෙන් මට මැවි මැවි පෙවුනෙ එයාල තුන් දෙනාගෙ අදුන ගන්න බැරුව ගිහින් තිබ්බ මළ කදන් වෙද්දි මම ඇස් වලින් ගලාගෙන යන කඳුළු පේලිය මහපට ඇඟිල්ලෙන් පිහිදල දාල හුළං හමාගෙන එන ඇරල තිබ්බ ජනේලෙ ලග හිටගෙන බැලුවෙ උසට උසේ තිබ්බ අඹ ගහේ උඩට වෙන්න හදල තියන කාක් කූඩුව දිහා..
YOU ARE READING
ආසි 💣 ( ✔️ )
Fanfictionඅපි අපේ නොවුනත් කමක් නෑ මට හැකියි නුඹට අවාරෙක සෙවනක් වෙන්න.........🌬️