අනේ...ම..ට...සමාවෙන්න..මම..ඒක...හිතල...නෙමෙඅහ්හ්හ්....
මගෙන් එයාට ලැබුන කම්මුල් පාර එක්ක හොදටම කේන්ති ගිය එයාගෙන් මම සමාව ඉල්ලුවත් වැඩක් උනේ නෑ...දෙයක් කරල සමාව ඉල්ලලා වැඩකුත් නෑ කියල මම දන්නවා..හැබැයි දැන් එයා මට මොනව සිද්ද කරත් ඉවසන් ඉන්නත් වෙනවා..මොකද ආසි කියන්නෙ මොන වගේ කෙනෙක්ද කියල කවුරුත් දන්නවනෙ..
එයා දෙපාරක් නොහිත මගෙ අත් දෙකෙන් ඇදල මාව එයාගෙ පපුවෙ වදින සයිස් එකට ලගට ගද්දි...මම වේගෙන් හුස්ම ගත්තෙ එයාගෙ මූණෙ තිබ්බ නපුරු දැක්කම මට හිතුනෙ මාව මරයිදෝ කියලමයි..
උබට උදව් කරන්න ආපු මටද උබ ගැහුවෙ....ආ....කතා කරපන් ඉතින්...
උදව් කර...න්න..
එයා මොනව ගැනද කියන්නෙ කියල නොතේරුන මම හිටියෙ ගොත ගගහ වෙද්දි.. එයා මාව තල්ලු කරල දාල ගෙයින් එලියට ගියෙ පුදුමාකාර තරහකින් කියල මම දන්නවා.. ඒත් මම එයාව නැවැත්තුවෙ නැත්තෙ එක වචනයක් හරි මන් තව කිව්ව නම් එයාගෙන් මැරෙනකන් මට කන්න වෙනව කියල ඉවෙන් වගේ තේරුන නිසා..
මාව ගේ ඇතුලට දාල දොර ලොක් කරන් ආසි ගිය නිසා මම පුටුව උඩ ඉදන් මේසෙට ඔලුව තියන් හිටියෙ දැන් ටික වෙලාවක ඉදන් මගෙ ඔලුව පුපුරන්න තරම් කැක්කුමක් අරන් තිබ්බ හන්ද..
ඇස් පියවෙන්න ඔන්න මෙන්න තියෙද්දි වගේ දඩ බඩ ගාල දොර ඇරෙන සද්දෙට මම ඒ පැත්ත බලද්දි දැක්කෙ යකෙක් වැහිල වගේ මන් දිහාට එන ආර්යාව..
ඇයි එහෙම තමුසෙ කරේ.. උදව් කරපු මනුස්සයට ගහන්න තරම් හයියක් කොහෙන්ද තමුසෙට ආවෙ කියපන්..ඇත්තටම උබට හිතක් පපුවක් නැද්ද යකෝ.. ආසි අන්නා මෙච්චර උබට හොදින් සලකද්දි ඇයි මේ වගේ දේවල් කරල එයාව පිස්සෙක් කරන්න හදන්නෙ..
කේන්තියෙන් පුපුර පුපුර ආපු එයා මගෙ ඇඳුමෙන් ඇදල අරන් කියවගෙන කියවගෙන ගිය හැමදේම මට ඇහුනෙ නිකන් හීනෙන් වගේ..
මොනා ගැනද තමුසෙල මේ කියවන්නෙ..මෙලෝ දෙයක් දන් නැති මාව කන්න හදන්නෙ..මම කොහොමද ඕයි දන්නෙ තමුසෙල කරපු උදව් ගැන..
ආර්යා කවුද කින්ද මන්ද නොබලපු මමත් අනිත් අතට එයාට කෑ ගහපු හන්ද එයා ඇස් දෙක වහන් හොද හුස්මක් අරන් පිට කරල මාව අතෑරල එයා එයාගෙ කලිසම් සාක්කුවලට අත් දෙක ඔබාගෙන අනිත් පැත්ත හැරුනෙ හරියට මගෙ මූණ බලන්න බැරි කමට වගේ..
YOU ARE READING
ආසි 💣 ( ✔️ )
Fanfictionඅපි අපේ නොවුනත් කමක් නෑ මට හැකියි නුඹට අවාරෙක සෙවනක් වෙන්න.........🌬️