එයාගෙ වාහනේට මාව නග්ග ගත්තෙ අහවලකටද අහන්න හිතුනත්.. මම කට පියාගෙන සද්ද නොකර හිටියෙ එයා දිහා හොරෙන් හොරෙන් බලන ගමන්..
බුම්මගෙන ඉන්න එයා හැබැයි රන් හා වටින එයාගෙ රැවුලත් එක්ක චූන් වෙන හැටි බලන් ඉන්න මට නම් හිනා යන්න ආවත් කට තද කරන් ජනේලෙන් එලිය බලා ගත්තෙ.. එයාගෙන් මැරුම් කන්න බැරි කමට..
මොකද උබ හිනා වෙන්නෙ...
අහ්....ම්..මම හිනා උනේ නෑ.. පිස්සුද අනේ...
එක පාරටම මන් දිහා රවල බලපු එයාගෙ ඇස් රතු වෙලා කියල දකිද්දි.. මට බය හිතුන පාර මම මගෙ මූණ අත් දෙකෙන්ම වහ ගත්තෙ.. හිතින් දෙයියො සිහි කරගන්න අතර...
බැහැපන්...
මට බෑ...........
යකෝ...ඇස් ඇරල බලපන් අපි කොහෙද ඉන්නෙ කියල..
මගෙ අතින් ඇද්ද පාර එක පාරම ඇස් ඇරල වට පිට බලද්දි තේරුනේ මට අපි ගේ ලග ඉන්නෙ කියල..
අපි ගෙදර ආවද...?
උබට අපි වෙන කොහෙ හරි ඉන්නව වගේද පේන්නෙ..
සාක්කු දෙකටත් අත් දෙක ඔබාගෙන පැත්තකට බර වෙලා එයා කියපු දේට මම රවාගෙන ජීප් එකෙන් බැහැල ගේ දිහාට යන්න ගිහිල්ලත් ආයෙ එයා දිහා බලල..
බොහොම ස්තූති කරපු උදව්වට..
ස්තූති ඕන නෑ.. මට ණය ගෙවපන් එච්චරයි..
තිරිසනෙක් මහ...
එයාට ඇහෙන්නෙම එහෙම කියපු මම අඩි ඉක්මන් කරල ඇවිත් ගේට් එකත් ඇරගෙන ඇතුලට යන්න ගියෙ කුටු කුටු ගගා ආසිගෙ අම්ම අප්ප මතක් කර කරමයි..
සූ...කෝ තම්බි...
එයා යාලුවෙක්ගෙ ගෙදර නතර උනා..
YOU ARE READING
ආසි 💣 ( ✔️ )
Fanfictionඅපි අපේ නොවුනත් කමක් නෑ මට හැකියි නුඹට අවාරෙක සෙවනක් වෙන්න.........🌬️