𝖢𝖧𝖠𝖯𝖳𝖤𝖱 𝟤𝟫

1.2K 195 137
                                    




මුහුනට වැටිච්ච ඉර එලියට ටේහ්‍යුන් ඇස් පොඩි කරන ගමන් හෙමින් ඇරියා.. එ සැනින් එ ඇස් අයේ තද කරලා වහගත්තේ ඇස් වලින් ආපු දැවිල්ලට...

දවසක් පුරාවට එ කලුවර කාමරේ ඇතුලේ කැමක්වත් නැතිව ටේහ්‍යුන් හිකි ගැහුවා.. එ පපුවට දැනෙන වේදනාව පිට කරන්න පුලුවන් එකම විදිය එක නිසා ටේහ්‍යුන්ගේ ඇස් වලින් නොනවත්වාම කදුලු ගැලුවා...

ජන්කුක් ගිහින් පැය කිහිපයක් ගෙවිලා රැයක් පුරාවට නොනවත්වා අඩපු ටේහ්‍යුන්ට හෙම්බත් වෙලාම මහන්සියටම දන්නේම නැතුව නින්ද ගිහින්..

ටිකකින් ආයේ ඇස් ඇරලා බලපු ටේහ්‍යුන් ඇස් ඉස්සරාට පෙන සුදුපාට ජනේල් රෙදි දිහා ඔහේ බලන් හිටියා.. ඇසකින් වැටිච්ච කදුලු බින්දක් නහයේ දිගේ රුටලා කොට්ටේට වැටෙන කොට යාන්තමට වගේ ටේහ්‍යුන්ගේ කන් වලට කාර් එකක සද්දයක් ඇහුනා තවත් තප්පර ගානක් ඔහේ හිටපු ටේහ්‍යුන් ඇදෙන් නැගිට්ටේ බැල්කනි එකට යන්න හිතාගෙන...

එත් කාගෙන්වත් බාදවක් නොවුන නිසාම ලොක් කරලා ⁣තිබිච්ච නැති ⁣කාමරේ දොර වේගෙන් ඇරෙන කොට ටේහ්‍යුන් ගැස්සිලා එ දිහා බැලුවා..

එතන හිටියේ නම් ටේහ්‍යුන් මේ වේලාවේ කොහොමටවත් බලාපොරොත්තු නොවිච්ච කෙනෙක්...











" යු..යුන්ගි "

" උබට සතුටුද දැන්?? ආහ් ටේහ්‍යුන් උබට සතුටුද?? "

දොර ඇ⁣රගෙන ඇතුලට ආපු යුන්ගි කෙන්තියෙන් කැගහන කොට ටේහ්‍යුන් බලන් හිටියේ කිසි දෙයක් හිතා ගන්න බැරිව...

" යු..යුන්ගි?? "

" ඔව්! යුන්ගි තමා යකෝ ! ඌ ගියා ආයේ හොයාගන්නවත් බැරි තැනකට උ ගිහින්!! මේ අහපන් ටේහ්‍යුන් මන් උබට දැන් කියන්නම් උබ පසුතැ⁣වෙයි ඌව නැති කරගත්තාට "

" මො..මොනවද කියන්නේ?? කා..කවුරු ගැනද ඔයා කියන්නේ?? "

ටේහ්‍යුන් යුන්ගි ඇවිත් එකපාරටම කියන දේවල් ගැන තේරුමක් නැතිව පුදුමෙන් ඇහුවා..

" උබ දන්නැ!! උබ දන්නැ !! උබ දන්නේ කොහොමද බන් මන් කියන්නේ කවුරු ගැනද කියලා මොකද ඌ ඉද්දිත් උබට ඌ⁣ ගැන ගානක් තිබ්බේ නැහැ නේ !! "

✓  𝗙𝗿𝗼𝗺 𝗕𝗲𝗱 𝗧𝗼 𝗠𝘆 𝗛𝗲𝗮𝗿𝘁 ..💋Where stories live. Discover now