" සර් දැන්වත් ලාලිසා ව අපිට ගෙන්නන්න බැරි ද.. එයා ඉල්ලපු කාලය ඉවරයි.. "ඒක හරිම වෙනස් තැනක්.. හරියටම කිව්වොත් තාක්ෂණය අතින් දියුණු තැනක්.. සම්පූර්ණයෙන් එතන ලා නිල් එක්ක සුදු පාටින් තමයි තිබුණේ.. පේන සහ මම හිතන විදියට ඒක අනිවාර්යයෙන් ම කාර්යාල කාමරයක් වෙන්න ඕන.. ඒත් අපි දකින කාර්යාලයක් නම් නෙවෙයි..
ඒ අයගේ කතාවට සවන් දෙන ගමන් එතන වීදුරුවෙන් පේන පිට නගරය දිහා මං බැලුවා..
ඔහ් අපි දකින ගොඩනැගිලි වලට වඩා ගොඩක් වෙනස්.. ඒ නිල් සුදු සම්මිශ්‍රණය හරිම ලස්සනයි... අහස උසට විහිදුනු මේ ගොඩනැගිලිත් ඒ හා සමාන වර්ණයෙන් සැරසුනු මිනිස්සු නිසා හරිම වෙනස් දෙයක් තමයි දැනෙන්නේ..
" ඔව් ජේන්.. එයාට පෘථිවි කාලයෙන් තව සති තුනක කාලයක් විතරයි තියෙන්නේ.. "
කළු පාට ඇදුමින් සැරසුණු ප්‍රධානියා යැයි කිව හැකි පුද්ගලයෙක් අනිත් තරුණියට කිව්වා..
" මොනවා කරත් ලාලිසා දක්ශයි.. ලීසා විදියට පෘථිවියේ එයා ගොඩක් ජනප්‍රියයි.. "
නැවතත් අර තරුණිය කිව්වේ තමන්ගේ අතේ තිබුණු වීදුරු තිරය මත ඇඟිලි තුඩු යවමින්.. ඒ තිරයේ ලීසා ගේ පිංතූර වගේ ම ලීසා ගේ වර්තමාන තත්වය ගැන සඳහන් වෙලා තිබුණා..
" ලාලිසා ගේ පනිශ්මන්ට් කාලය ඉවරයි එයාව ඉක්මනට ගෙන්නන්න ඕන.."
ඒ ප්‍රධානියා ආයෙමත් කිව්වා.. ඒ අයගේ කතාවට ගැන ලොකු වැටහීමක් මට නැතත් ඒ කිව්වේ ලීස් ගැන කියලා නම් විශ්වාසයි.. බලමු අපි ඊළඟට මොකද වෙන්නේ කියලා..
<>
කොරියාවේ කලාකරුවන් වෙනුවෙන් පවත්වන ප්‍රධාන සම්මාන උළෙල වන Seoul Music Awards උළෙල සඳහා පුහුණු වීම් කටයුතු පටන් අරගෙන තිබුණා..
YOU ARE READING
|| SORRY IM FROM FUTURE || ✓
Hayran KurguSMA වේදිකාවේ අන්තිම ඉදිරිපත් කිරිම එවකට ලෝකයක් හොල්ලලා තිබුණ BlackPink සංගීත කණ්ඩායම විසින් සිදු කරන ලදී.. " Bombayah " ලාලිසා මනෝබාන් අවසන් වරට තමන්ගේ ගැඹුරු හඬින් ඒ ගීතය අවසන් කලේ තමන්ගේ රසික රසිකාවියන් ගේ කදුළු මැද්දේ.. Status:- Completed Catego...