ƈԋαρƚҽɾ 02

2K 200 19
                                    

"ඊයා අම්මෙ මොන ජරාවක්ද මේ? ලුණු බෝතලේම මේකට හලලද මන්දා.."

"වෙන්න බැ.තාත්තයි මායි දෙන්නම බිව්වනෙ.හොඳට තිබුනා.."

අම්මා එහෙම කියනකොට පාරමී කාමරෙන් එලියට එබුනා..

අක්කගෙ මූණෙ තිබ්බ සමච්චල් හිනාව දැක්කමයි හසරැල්ට විතරක් නෙමේ අම්මටත් ජූස් එකේ ලුණු වැඩි වෙන්න හේතුව තේරුණේ..

"මොකද ලුණු පොඩ්ඩක් වැඩී වගේද? "

"පොඩ්ඩක්? හොඳ පොඩ්ඩ.. තමුසෙට මගෙන් කන්න ඕනෙ වෙලාද ලොකූ? "

" උදේ මාව ගනන් ගන්නෙවත් නැතුව යන්න ගියා නේද? ඒකට පනිශ්මන්ට් එක... "

එහෙම කියල දිවත් දික් කරගෙන පාරමී දුවනකොට වීදුරුවත් පැත්තකින් තියලා හසරැල් පාරමීගෙ පස්සෙන් දුවන්න ගත්තා..

"අනේ මන්දා මේ දෙන්නගෙ රණ්ඩුනම්.. තාම පොඩි උන් වගේ මරාගන්නවා"

එහෙම කියන ගමන් අම්මා එයා කර කර හිටපු වැඩේට ආයෙම අවදානෙ දුන්නා..

අද සෙනසුරාදා කියන්නෙ 4 දෙනාම ගෙදර ඉන්න දවස.... අම්මානම් ජොබ් එකක් නොකරපු නිසා එයා කොහොමත් ගෙදරමයි.තාත්තා නගරෙ ප්‍රසිද්ධ පාසලක උප විදුහල්පතිවරයෙක්.. ඒ වගේම ඉංග්‍රීසි ගුරුවරයෙක්.. මේ වෙනකොට අවුරුදු 24ක් වෙච්ච පාරමී ප්‍රී ස්කූල් ටීචර් කෙනෙක් විදියට වැඩ කරන්න අරන් තවම අවුරුද්දයි..

හසරැල්? හසරැල් ඒ ලෙවල් ලියලා කැම්පස් යන්න තරම් රිසල්ට්ස් තිබුනත් එයාට ඒකට ලොකු ආසාවක් තිබ්බෙ නෑ..එයාගෙ ලොකුම හීනෙ උනේ කවදහරි ලොකු flower shop එකක් දාන එක.ඕක ගැන තාත්තටයි අම්මටයි කිව්වම එයාලා ඒකට විරුද්ධව එක වචනයක්වත් කිව්වෙවත් හසරැල්ගෙ හීනෙට යන්න එයාට ගෙදරින් කිසිම බලපෑමක් ආවෙවත් නෑ.. අහල පහලක තිබ්බ plants & flower exhibition එකක් horticulture එහෙම නැත්තම් උද්‍යාන විද්‍යාව සම්බන්ධවත් , floristry සම්බන්ධවත් තිබුන workshop එකක්වත් ඒ ලෙවල් ලිව්වයින් පස්සෙ හසරැල්ට මිස් වෙලා ඇති කියල මම හිතන්නෙ නෑ.. මේ වෙනකොට colombo වල තිබුණ academy එකක floristry diploma එකකුත් කරලා ඉවර වෙලා flower shop එකක වැඩ කරන්න යන්න හොයන ගමන් තමයි හිටියෙ.ඔක්කොටම කලින් ටික කාලෙකට මේ හැම එකක් ගැනම හොඳ experience එකක් ගන්න තමයි එයාට ඕනෙ වුනේ.

සුළඟ නුඹ ( Sinhala BL )Tahanan ng mga kuwento. Tumuklas ngayon