නුවේද් එදා හවස හිටියෙ ශශීලගෙ ගෙදර.. ඒ මොකද කියවනම් ඊලග round එකට sing කරන්න සින්දු තෝරන් එන්න කියලා ඇකඩමි එකෙන් inform කළ නිසා ඒක කරන්න ශශී නුවේද්ට එන්නයි කියපු නිසා...දෙන්නම හිටියෙ බැල්කනි එකේ බිම ඉඳගෙන.. ශශීනම් හිටියෙ ෆෝන් එක ඔබ ඔබ.. නුවේද් හෙඩ් සෙට් එකත් ගහගෙන සින්දු වගයක් අහනවා.. බිත්තියට හේත්තු කරලා තිබ්බ ශශීගෙ ගිටාර් එක, නුවේද් ළගම බිම තිබුන නුවේද්ගෙ ගිටාර් එකත් එක්ක ඒ ළඟම ශශීගෙ ලැප් එක එතන පැත්තකින් තිබුනා.. ලග තිබුන පොඩි ස්ටූල් එකක කුකීස් වගයක් වගේම දැන් ටිකකට කලින් ශෂීගෙ අම්මා හදලා ගෙනත් තියපු මැන්ගෝ ජූස් ග්ලාස් දෙකකුත් තිබුනට තාම එකක්වත් හිස් වෙලා තිබ්බෙ නැත්තෙ අර දෙන්නම හිටියෙ වෙන වෙන ලෝක වල නිසා.
නිසොල්මන් කලාවේ හැඟුම් ආදර හිතේ
දෝරෙ ගලන්න...
දෙතොල් මත් උනාවේ කොපුල් මත්තේ වෙලී
ඇස් වහන්න...හැඬුමන්.. සනසා.. තුරුලේ ..
ඔබ එක්ක මා ගෙවපු..
අප වෙන්... නොවනා. . මොහොතේ...
පමනක් රැඳී හිඳිමූ...අවතැන් හදේ සුසුමන් දැවේ...
හසකැන් ඔබේ හුස්මක් ගෙනේ...
හැබැහින් මගේ නොවුනා නොවේ...
හසඟන මගේ විතරක් නොවේ...නුවේද් ඇස් දෙකත් වහගෙන හෙඩ් සෙට් එකෙන් ඒ විදියට ඇහෙන සින්දුව ඒත් එක්කම කිය කිය ඉඳලා ටික වෙලාවකින් හෙඩ් සෙට් එක ගලෝල පැත්තකින් තිබ්බා.ශශී තාම 4න් එකේ..
එක පාරට නුවේද් ශශීගෙ 4න් එක උදුරලා ගත්තෙ මොනාද මේ මෙච්චර වෙලා ශශී කරේ කියලා බලන්න.. බලනකොට ගේම් එකක් ගගහ ඉඳලා තියෙන්නෙ.. ඒකත් Angry bird..
ශශී නුවේද්ට බැන බැන 4න් එක නුවේද්ගෙන් ඩැහැගත්තා..
Angry bird ව දකිනකොට නුවේද්ට එදා ටවුන් එකේදි උනු සිද්දිය මතක් වෙලා මූණෙ හිනාවක් ඇඳුනා..
" කාව මතක් වෙලාද දැන් ඔය තනියම හිනාවෙන්නෙ? "
"මම ? කාව මතක් වෙන්නද මට? ඊයා හලෝ මොන්ටිසෝරි බබ්බු වගේ මොනාද ඔය ගහන ගේම්.. ඕක පැත්තකට දාල එනවකො මේක කරල ඉන්න.. නැත්තම් මං යනව යන්න "
YOU ARE READING
සුළඟ නුඹ ( Sinhala BL )
Non-Fictionනුඹෙන් මං... විඳිමි හැඟුමන්... මා හද නිවාලනා ! ❤️